දුම්රිය පාඩු ලැබුවේ පාලනාධිකාරියේ දුර්වලකම් නිසා:

156

දුම්රිය ගාස්තු වැඩි කිරීමට එස්එම්ලා විරුද්ධයි

දුම්රිය ප‍්‍රවේශපත් ගාස්තුව ඉහළ දැමීමේ යෝජනාවට ශී‍්‍ර ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විරුද්ධ යැයි එම සංගමයේ ප‍්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා ‘දිවයින’ට පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබන තත්ත්වයකට පත්ව ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරියේ දුර්වලතා නිසා බවද හෙතෙම කීය.

අසාමාන්‍ය ලෙස සහ නීති විරෝධී ලෙස අතිකාල ගෙවීම් වැනි ¥ෂණ දෙපාර්තමේන්තුව තුළ ඇති බවද ඒ මහතා කියා සිටියේය. දුම්රිය සතු ඉඩම් බදු දීමේදී නිසි ආකාරයට බදු ලබා නොදීම හා එම මුදල් අයකිරීමට නිසි ක‍්‍රමවේදයක් සකස් නොකිරීම වැනි හේතු නිසා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත උපයාගත හැකි අදායම් මාර්ගයන් පිළිබඳව අවධානය යොමු නොකර මෙසේ දුම්රිය මගියා වෙත තවත් බර පැටවීමට දුම්රිය පාලනාධිකාරිය කටයුතු කිරීම සංගමය අනුමත නොකරන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment