දුම්රිය පෞද්ගලික නොකිරීමට නම් අනිවාර්යයෙන් ම අධිකාරියක් කළ යුතුයි – ඇමැති බන්දුල කියයි

74

දුම්රිය පෞද්ගලීකරණය නොකිරීමට නම් එය අනිවාර්යයෙන් ම අධිකාරියක් කළ යුතු යැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

පසුගිය කාලයේ දුම්රිය දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ ඉතා යහපත් ව්‍යාපෘති පවා ඇතැම් නිලධාරීන්ගේ වැරදි උපදෙස් නිසා අහිමි වූ බව ද දුම්රිය රියැදුරු සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් ඇමැතිවරයා කීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය.

ප්‍රවාහන ක්‍ෂේත්‍රය පිළිබඳව මා පසුගිය කාලයේ විශාල හැදෑරීමක් කළා. සිදුකළ යුතු විශාල වෙනස්කම් රාශියක් තිබුණත් ඒ සඳහා යෙදවීමට මුදල් ප්‍රතිපාදන නෑ. ඊට මා දකින ප්‍රධානම හේතුව දුම්රිය දෙපාර්තමේන්තුව ආදායම් වියදම් ගිණුම්කරණය පිළිබඳ ඉතාමත් අකාර්යක්‍ෂම වීමයි. සංඛ්‍යා දත්ත නොමැතිව හැඟීම් ආවේගවලින් පමණක් ආයතන දියුණු කරන්න බැහැ.

විසඳිය හැකි ඕනෑම ගැටලුවක් කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදීමට මා සූදානම්. දුම්රිය වෘත්තීය සමිතිවලින් මා කරන එකම ඉල්ලීම දේශපාලන අරමුණුවලින් සිදුකරන වර්ජනවලට එක් නොවන ලෙසයි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment