දුම්රිය ප‍්‍රමාදයට හේතුව සංඥා රැහැනක් කැපීම

171

ප‍්‍රධාන දුම්රිය මාර්ගයේ ඊයේ (01දා) පෙරවරුවේ ඇති වූ ප‍්‍රමාදයට හේතුව වී ඇත්තේ කිසියම් පුද්ගලයකු විසින් සංඥා රැහැනක් කපාගෙන යාම බව හෙළි වී ඇත.

කැලණිය පාලම ආසන්නයේ සංඥා රැුහැනක මීටර් 05 ක් පමණ එලෙස කපාගෙන ගොස් ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ‘දිවයින’ට පැවැසීය.

එය නැවතත් ඊයේ පෙරවරුවේම යථා තත්ත්වයට පත්කළ බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment