දුම්රිය මගීන්ට බෝනස් එකක්

225

දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ඊයේත් (24 දා) කි‍්‍රයාත්මක කර තිබූ වර්ජන කි‍්‍රයාමර්ගයක් හේතුවෙන් ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් නොකිරීම නිසා දුම්රිය මගීන්ට නොමිලේ ගමන් කිරීමේ අවස්ථාව උදාවී තිබිණ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුම්රිය මගීන් ප‍්‍රකාශ කර සිටියේ කලාතුරකින් දුම්රියේ නොමිලේ ගමන් කිරීමට ලැබුණු අවස්ථාව නිසා තමන් මහත් සතුටට පත්ව සිටින බවයි.

අපි කවුන්ටරයට ගියා ටිකට් ගන්න. ඒ අය ඕනෑ නෑ කිව්වා. අද වර්ජනයක් කියලා දැනගත්තේ ආවට පස්සේ. ටිකට් දෙන්න කවුරුත් නෑ කිව්වා. මේක පිනා චාන්ස් එකක්. ඉතිං අපි නිකන්ම යනවා. ටිකට් නැතිව යන්න කියන්නේ නත්තල් නිසාද දන්නේ නෑ. කොහොමත් මේ වගේ හැමදාම නෑනේ. රජයේ තියන අකාර්යක්‍ෂමතාවය තමා මේවාට හේතු. අපි අද නිකන් යනවා කියන්නේ රටේ ඉදිරි දරුවන්ගේ අනාගතය විනාශ වීමක් ආදී වශයෙන් දුම්රිය මගීහු අදහස් දක්වා සිටියහ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment