දුම්රිය මාර්ගයේ ගිය  තරුණියට මරුවාගෙන්  ඇමතුමක්

200

ජංගම දුරකථනය කනේ ගසාගෙන කථා කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණියක් මාගාල්ල මකුළුව ප්‍රදේශයේදී පෙරේදා (16) පස්වරු  6.45 ට පමණ රුහුණු කුමාරි දුම්රියේ හැපීමෙන් මියගොස් ඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ 27 හැවිරිදි වියේ පසුවන ගාල්ල මාපලගම ප්‍රදේශයේ පදිංචි තරුණියකි. ඇය ගාල්ල නගරයේ පිහිටි පුද්ගලික ආයතනයක රැකියාව සඳහා පැමිණ ඇත්තේ මීට දින තුනකට පමණ ඉහතදීය. ඇය සේවය නිමකර ගාල්ල නගරයට ගොස් බස් රථයකින් පැමිණ ගාල්ල මකුළුව ප්‍රදේශයෙන් බැස තිබේ. බසයෙන් බැස ඇය නතරවී සිටි නිවසට යමින් සිටියදී දුම්රියේ ගැටී අනතුරට ලක්ව ඇති බව පොලිසිය පවසයි. මියගිය තරුණියගේ හදිසි මරණ පරීක්ෂණය ඊයේ(17) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න මහතා විසින් කරාපිටිට රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල
 

advertistmentadvertistment
advertistmentadvertistment