දුම්රිය ස්ථානාධිපතිවරු රතු කොඩිය ඔසවයි

193

දුම්රිය ස්ථානාධිපතිවරුන් උසස්වීම් ප‍්‍රමාදවීම, බඳවා ගැනීමේ පටිපාටිය අනුමත කර නොදීම ඇතුළු කරුණු කිහිපයකට විසඳුම් ඉල්ලා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ලබන සඳුදා (13 දා* සිට වෘත්තීය කි‍්‍රයාමාර්ගවල නිරතවීමට තීරණය කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුවේ අකාර්යක්‍ෂම පරිපාලනය හේතුවෙන් දුම්රිය ප‍්‍රමාදවීම් අවලංගුවීම් සිදුවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ඊයේ (10 දා* පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

රාජ්‍ය සේවකයන් ඇතුළු දුම්රිය මගීන් දුම්රිය ස්ථානයට එනවිට දුම්රිය ප‍්‍රමාදයි. නැත්නම් අවලංගුයි. මේවා සොයා බලන්න ඉන්න බලධාරීන් මොනව කරනවද කියලා දන්නෙ නැහැ. මේවාට ක‍්‍රියාමාර්ග ගන්නෙත් නැහැ. මොනවද කරන්නෙ කියලා හිතන්නෙත් නැහැ. මේවා ජනාධිපති දැනගන්න ඕන.

ඒවගේම දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ උසස්වීම් සියයට 90 ක් පමණ මේ වනවිට ඇනහිටලා. ලබන වසරේ ජනවාරිවලට දුම්රිය ස්ථානාධිපතිවරුන් ස්ථාන මාරුවීම් සිදුකරන වැඩපිළිවෙළක් සකස් කරල නැහැ. ඒ වගේම බඳවා ගැනීමේ පටිපාටිය අනුමත වෙලා නැහැ. ඒවා අනුමත කරන්නේ නැහැ.

අපි ලබන සඳුදා සිට මගීන් අපහසුතාවයට පත් නොවන ලෙස වෘත්තීය ක‍්‍රියාමාර්ගවල නිරතවෙනවා. එහෙත් බලධාරීන් තවදුරටත් අපේ ඉල්ලීම්වලට ප‍්‍රතිචාරයක් නොදක්වනවා නම් දෙසැම්බර් 26 වැනිදායින් පසු රටපුරා විසිරී සිටින දුම්රිය ස්ථානාධිපතිවරුන් දුම්රිය පාලන කාර්යාල සියලූදෙනා එක්ව දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කරලා තියෙන්නේ.

චමින්ද සිල්වා, ප‍්‍රදීප් සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment