දුම්රිය සේවකයන් 100කට කොවිඞ්

301

දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය රියැදුරන්, නියාමකවරුන් ඇතුළු සේවකයන් 100 දෙනකුට අධික පිරිසකට කොවිඞ් ආසාදනය වී ඇතැයි දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා ‘‘දිවයින’’ ට ඊයේ (09 වැනිදා* පැවැසීය.

කොවිඞ් ආසාදනය වූවන් අතරේ දුම්රිය රියැදුරන් 15 දෙනකු ද, නියාමකවරුන් 7 දෙනෙකුද, දුම්රිය ස්ථානාධිපතිවරුන්, පාලක මැදිරියේ නිලධාරීන් කීපදෙනකු ද, ධාවන බලාගාර සේවකයන් ඇතුළු තවත් සේවකයන් ද වන බව හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතාකළ ඉන්දික දොඩම්ගොඩ මහතා මෙසේද කීය.

‘‘දුම්රිය දෙපාර්තමේන්තුව තුළ බරපතළ ප‍්‍රශ්නයක් තියෙනවා. ප‍්‍රමාණවත් දුම්රියන් ධාවනය නොවීමෙන් තිබෙන දුම්රියවල මගීන් විශාල පිරිසක් ගමන් කරනවා. මේ හේතුවෙන් සියලූ දුම්රිය සේවකයන්ට කොවිඞ් ආසාදනය වීමේ තත්ත්වයක් මතුවෙලා. දැනටමත් අපේ් රියදුරන් ඇතුළු සේවකයන් 100 කට අධික ප‍්‍රමාණයකට කොවිඞ් වැළඳිලා.

නිසි සෞඛ්‍ය වැඩපිළිවෙළක් හදන්න කියලා අපි දුම්රිය බලධාරීන්ට කිව්වා. නමුත් ඒ අය ඒක ඇහුවේ නැහැ. බස්වල මගීන් ප‍්‍රමාණය ඉක්මවලා ගෙනියන්න බැරි නීතියක් තියෙනවා. නමුත් දුම්රියවලට එහෙම නීතියක් දාලා නැහැ. දුම්රිය දෙපාර්තමේන්තුවම දැඩි කොවිඞ් අවදානමකයි දැන් තිබෙන්නේ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ නිරෝෂා වාසල
 

advertistmentadvertistment
advertistmentadvertistment