දුම්රිය 14 ක් නවතී – නියාමකවරු 31 ක් පොසිටිව්

118

දුම්රිය නියාමකවරුන් විශාල පිරිසකට කොවිඞ් ආසාදනය වීම සහ පළමු පෙළ ආශ‍්‍රිතයන් වීම හේතුවෙන් දුම්රිය 14 ක ධාවන කටයුතු ඊයේ (31 දා* අවලංගු කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.

විවිධ දුම්රිය මාර්ගවල සේවයේ නියුතු නියාමකවරුන් 31 දෙනකුට කොවිඞ් ආසාදනය වීම සහ තවත් 17 දෙනකු පළමු පෙළ ආශ‍්‍රිතයන් වීම හේතුවෙන් මෙම දුම්රිය ධාවන කටයුතු අවලංගු කළ බවද හෙතෙම සඳහන් කළේය. ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය 06 ක්, මුහුදුබඩ මාර්ගයේ 02 ක්, පුත්තලම

මාර්ගයේ 03 ක්, කැලණිවැලි මාර්ගයේ 02 ක්, කුරුණෑගල දක්වා ධාවනය වන දුම්රියක් ඇතුළු දුම්රිය 14 ක් මෙලෙස ධාවනය අවලංගු කළ බවද ඒ මහතා කියා සිටියේය.

මෙම දුම්රිය ධාවනය අවලංගු කිරීමට සිදු වුවද කාර්යාල සහ අත්‍යවශ්‍ය දුම්රිය ධාවනය අඛණ්ඩව සිදු කරමින් මගීන්ට අපහසුතාවක් සිදුවීම අවම කිරීමට කටයුතු කරන බවද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment