දුම්රිය ‘1971’ හඳුන්වා දෙයි

162

දුම්රිය දෙපාර්තමේන්තුව සමග කටයුතු කරන මගී ජනතාව වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද (14 දා) සිට 1971 හදිසි ඇමතුම් අංකය හඳුන්වා දෙයි. මෙය පැය 24 පුරා විවෘතව පවතී.

1971 හදිසි අංකය ඇමතීමෙන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම දුම්රිය ධාවනය වන වේලාවන්, ආසන වෙන් කිරීමේ සහ ගාස්තු පිළිබඳ තොරතුරු මෙම අංකයෙන් විමසීම් කළ හැක.

මීට අමතරව දුම්රිය ආරක්‍ෂක සේවය ඇමතීම, හරස් මාර්ග සම්බන්ධ ගැටලු වාර්තා කිරීම, දුම්රිය දෙපාර්තමේන්තුවට අදාළ සියලුම පැමිණිලි හා අනෙකුත් තොරතුරු ද මෙම අංකයෙන් විමසීම හෝ පැමිණිලි කිරීම සිදුකළ හැකි බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ. අයි. ඩී. ජයසුන්දර මහතා කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment