දුම්රිය 21දා සිට යළි දුවයි

218

පළාත් සංචරණ සීමා ඉවත්කිරීමත් සමඟ ලබන 21 වැනිදා සිට දුම්රිය ධාවනය ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තිරණය කර ඇත. එදින සිට දිනකට ගමන් වාර 128 ත් 130 ත් අතර සංඛ්‍යාවක් ධාවන කිරීමට නියමිතය.

මෙහිදී පළාත් තුළ සහ අන්තර් පළාත් දුම්රිය ධාවනය ආරම්භ කරන අතර ඒ අනුව මහනුවර, මාතර, ගාල්ල, බෙලිඅත්ත සහ හලාවත යන දුම්රිය ස්ථානවල සිට ද දුම්රිය ධාවනය කිරීමට බලාපොරොත්තුවේ.

මහනුවරින් ගමන් ආරම්භ කරන දුම්රිය රඹුක්කන දක්වා මන්දගාමීව ධාවනය කර රඹුක්කන සිට දෙමටගොඩ දක්වා නොනවත්වා ධාවනය කරවීමට කටයුතු යොදා ඇත.එම ක්‍රමය තුළින් අනවශ්‍ය ලෙස මගීන් දුම්රියට ගොඩවීම වැළැවිය හැකි බව දුම්රිය දෙපාර්තුමේන්තුව විශ්වාස කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment