දුම්වැටි වලටත් මිල සූත්‍රයක්

422


දුම්වැටි සඳහා මිල සූත්‍රයක් සකස් කර තිබෙන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිල ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා අද පැවසීය.

මේ වන විට එම මිල සූත්‍රය ගැන සෞඛ්‍ය අමාත්‍යවරයාට භාර දී ඇතැයිද දුම්වැටි සඳහා බදු වැඩි කිරීමට ඉදිරි අයවැයට එය ඇතුළත් කරගැනීමට බලාපොරොත්තු වෙන බව ද කීවේය.

මෙලෙස මිල සූත්‍රයක් හඳුන්වා දීමට අදහස් කළේ පසුගිය කාලය තුළ දුම්වැටියේ මිල වැඩි වුවත් අපේක්ෂිත ආදායම වැඩි නොවීම බව ද ඒ මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment