දුම් සහතිකේ දෙන තැනින්ම ආදායම් බලපත්‍රත්

1126

රථවාහන සඳහා දුම් සහතික නිකුත් කරන ස්ථානවලදීම වාහනයේ රක්ෂණ සහතිකය සහ ආදායම් බලපත්‍රය ද ලබා ගත හැකි වැඩසටහනක් සකස් කරන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

වාර්ෂික බලපත්‍ර ලබා ගැනීමේදී වාහන හිමිකරුවන් මුහුණ දෙන අසීරුතා අවම කිරීම සඳහා මෙසේ එකම ස්ථානයකින් සහතික තුනම ලබාගැනීමේ පහසුකම් ඇති කරන බව ඇමැතිවරයා සඳහන් කළේය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ පදනම් ආයතනයේදී පැවැති රියැදුරු උපදේශකයන් සඳහා බලපත්‍ර ලබාදීමේ උත්සවයට එක්වෙමිනි.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment