දුමින්ද නාගමුව ඇතුළු පෙරටුගාමී 5කට වරෙන්තු

143

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇතුළු එම පක්‍ෂයේ කි‍්‍රයාකාරීන් පස්දෙනකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණය මගින් ඊයේ (10 වැනිදා) වරෙන්තු නිකුත් කළේය.

කඩුවෙල මහෙස්ත‍්‍රත් අධිකරණය ඉදිරිපිට විරෝධතාවක නිරත වන අතරතුර අධිකරණයට අපහාස කිරීම, පොදු දේපළවලට හානි කිරීම සහ අයුතු ජනරාශියක සාමාජිකයන් වීම යන චෝදනා යටතේ කඩුවෙල පොලිසිය අධිකරණයට කළ කරුණු දැක්වීමකට අනුව මෙම නියෝගය නිකුත් කර ඇත.

පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවක නිරත වී සිටියදී පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි එම පක්‍ෂයේ පිරිසක් පෙරේදා (09 වැනිදා* අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එම නඩුව විභාග වෙමින් තිබියදී පෙරටුගාමී පක්‍ෂයේ කි‍්‍රයාකාරීහු පිරිසක් මෙසේ විරෝධතාවක නිරත වූහ.

බන්ධනාගාරගත කර සිටින පිරිසට ඇප ලබා දෙන ලෙසට බල කරමින් ඔවුහු මෙසේ විරෝධතා දක්වන්නට වූහ.

ඒ සම්බන්ධයෙන් කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයා කඩුවෙල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදු කළ කඩුවෙල පොලිසිය ඔවුන් අධිකරණ සංවිධාන පනත, පොදු දේපළ පනත සහ දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ වැරදි කර තිබෙන බවට අනාවරණය කරගෙන තිබිණි.

ඒ අනුව කඩුවෙල පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළ බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්¥ව මහතා ස`දහන් කළේය.

අධිකරණයට අපහාස කිරීම, විභාග වන නඩුවකට බලපෑම් එල්ල කිරීම සහ අධිකරණ දේපළවලට හානි කර තිබේද යන්න සොයා බලන ලෙස සඳහන් කරමින් කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන බව ද ඒ මහතා පැවසීය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment