දුමින්ද නාගමුව ඇතුළු හයකට යළි නොතීසි

128

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු සැකකරුවන් හයදෙනකුට ලබන මාර්තු 28 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නැවත සිතාසි යැවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (31දා) නියෝග කළේය.

එම නඩුවේ හයවැනි සැකකරු ලෙස නම්කොට තිබූ අන්ජන රොද්‍රිගෝ නමැත්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තු නිකුත් කිරීමට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.

6 වන සැකකරුට සිතාසි භාර දී ඇතත් ඔහු අධිකරණයට ඉදිරිපත් වී නොමැති බවත්, සෙසු සැකකරුවන් වන දුමින්ද නාගමුව ඇතුළු 7 දෙනාට සිතාසි භාරදුන් බවට වාර්තා ලැබී නොමැති බවත් පෙන්වා දෙමින් කෙසෙල්වත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ආර්. එම්. කරුණාරත්න මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝග කළේය. පසුගිය දෙසැම්බර් 12 වැනිදා වසන්ත මුදලිගේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දොරටුව අවහිර කරමින් විරෝධතාවක් පැවැත්වීමට එරෙහිව එම නඩුව පවරා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment