දුමින්ද නිදහස් කළාට හිරුණිකා උසාවි යයි

1031

භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචනද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන නඩුවේ 11 වන විත්තිකාර ආර්. දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම නියමකොට තිබියදී ජනාධිපති පොදු සමාවක් යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා විසින් නිකුත් කළ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ගොනු කළාය.
 
 එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවට නීතිපතිවරයාත්, අධිකරණ අමාත්‍යවරයා, ආර්. දුමින්ද සිල්වා මහතා සහ නීතිපතිවරයා (වෙනත්* නම්කර ඇත. මහාධිකරණ ත‍්‍රීපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ එකී ඝාතනය සම්බන්ධයෙන් පූර්ණ නඩු විභාගයක් පැවැත්වීමෙන් අනතුුරුව තුනෙන් දෙකක බහුතර තීන්දුවක් මගින් වගඋත්තරකාර දුමින්ද සිල්වා මහතා වගඋත්තරකරු කරමින් 2016 සැප්තැම්බර් 08 වැනිදා ලබාදුන් මරණ දඬුවමේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ඒකමතිකව තහවුරු කර තිබියදීත් ජනාධිපතිවරයා විසින් මෙලෙස පොදු සමාවක් ලබාදී ඇති බව පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබුණි.
 
 එම මුදාහැරීම සිදුකර ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති ප‍්‍රතිපාදන අනුගමනය කිරීමකින් නොවන බවත් එබැවින් එලෙස මුදාහැරීම ව්‍යවස්ථා විරෝධී වන බවත් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබිණි.
 
 ආර්. දුමින්ද සිල්වා මහතා මුදාහැර ඇත්තේ දේශපාලන තීන්දුවක් අනුව බව ඔහු නිදහස් කළ ආකාරයෙන්ම පෙනී යන බවත් එබැවින් ඊට අදාළ ලේඛන අධිකරණයට කැඳවා පූර්ණ විභාගයක් පවත්වන ලෙසත් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
 
 – ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment