දුරකථන අංකයේ අයිතිය කොම්පැණිවලින් ගැලවෙයි…. අංකය වෙනස් නොකර ඕනෑම සමාගමකින් සේවාව ගන්න අවස්ථාව

2168

කිසියම් දුරකථන සමාගමක් මගින් පාරිභෝගිකයකු මිලදී ගන්නා දුරකථන අංකයෙහි අයිතිය පාරිභෝගිකයා සතු බැවින් එම අංකය වෙනත් දුරකථන සේවා සමාගමක් හා සම්බන්ධ කර සේවා ලබාගත හැකි බව විදුලි සංදේශ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා පැවසීය.

ඒ අනුව කිසිදු දුරකථන සේවා සමාගමකට ගැති නොවී තමා සතු දුරකථන අංකය වෙනත් ජාලයක් කරා රැුගෙන යෑම සඳහා නෛතික අවකාශයක් ලැබෙන බව ඒ මහතා සඳහන් කළේය.

පොදුවේ එක් එක් පුද්ගලයාට අනන්‍ය වන දුරකථන අංකයක් ලබාදීම සඳහා විදුලි සංදේශ කොමිෂන් සභාව කටයුතු කරන බවත්, ඒ අනුව සන්නිවේදන සේවා සපයන්නා වෙත ගැති නොවී තමන්ගේ අංකය තමන්ට අනන්‍ය ලෙස පවත්වා ගෙන යෑම සඳහා අවශ්‍ය නෛතික ප‍්‍රතිපාදන සහ තාක්ෂණික කටයුතු දැන් අවසන් අදියරේ පවතින බවත් ඒ මහතා පවසා සිටියේය. ඔහු මේ බැව් පැවසූවේ ඊයේ (14 දා) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

දත්ත මැකීයෑම පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතා තමන් මීට මාස දෙකකට පෙර තොරතුරු තාක්ෂණ සන්නිවේදන ආයතනය භාරගත් බවත් ඒ අනුව රාජ්‍ය දත්ත ගබඩාව සඳහා නව ක‍්‍රමවේදයක් හඳුන්වා දෙන බවත් කීවේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment