දුරකථන සිම් කාඩ්පතින් තොරතුරු හෙළිවෙයි… නාහිමි ඝාතන සැලැස්මේ ඉතිරි සැකකරුවෝ අත්අඩංගුවට

1090

බෝතලේගම සාම විහාරාධිපති හා මිහින්තලේ -බොන්ජි – ජපන් සංස්කෘතික මධ්‍යස්ථානාධිපති මහාචාර්ය බෝතලේගම සංඝරතන හිමියන් ඝාතනය කර උන්වහන්සේට අයත් මෝටර් රථය පැහැරගෙන යෑමට තැත්කිරීමේ සිද්ධියට අදාළව පොලිසියට අවශ්‍යව සිටි අනෙක් සැකකරුවන් තිදෙනාවම මත්තෙගොඩ ප‍්‍රදේශයෙන් අත්අඩංගුවට ගැනීමට කොස්වත්ත පොලිසියේ විශේෂ වැටලීම් ඒකකය ඉකුත් 12 දා සමත් වී තිබේ.

ප‍්‍රධාන සැකකරු විසින් සොරාගත්, නාහිමියන්ට අදාළ ජංගම දුරකථනයේ සිම් කාඞ්පත ඉවත්කොට අලූත් කාඞ්පතක් යොදා එයින් එක් සැකකරුවකුට ලබාදී ඇතැයි කියන ඇමතුමක් අනුව යමින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇති බවත්, ප‍්‍රධාන මොළකරු හා අදාළ වාහනය මෙයට පෙර එනම් ඉකුත් 02 දා අත්අඩංගුවට ගෙන මාරවිල අධිකරණයට ඉදිරිපත්කොට ඔහු දැනටමත් අද (15 දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවත් පොලිසිය කීය. මත්තේගොඩදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ සිද්ධිය දින නාහිමියන්ට පපුවට පිහිවලින් ඇන වාහනයේ යතුර හා ජංගම දුරකථන දෙකක්ද රැුගෙන පළාගොස් සැගවී සිටි තිදෙනාවයි. හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමෙගේ මහතාගේ හා නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරි ඇස්. ඞී. ආර්. පි‍්‍රයන්ත මහතාගේ උපදෙස් මත කොස්වත්ත පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඇස්. ඒ. සී. ජයනාත් මහතා ප‍්‍රමුඛ පොලිස් කණ්ඩායම තවදුරටත් විමර්ශන කටයුතු කරගෙන යති.

කිරිමැටියාන – ඇන්ටනී රෝස්

advertistmentadvertistment
advertistmentadvertistment