දුරුතු පෝදා දහම් සිසිලස – අටලෝ දහමෙන් කම්පා නොවීම යන උතුම් තාදි ගුණය තුළින් ගැටලූ නිරාකරණය කරගනිමු

430

2022 වසරේ එළැඹෙන පළමු පොහෝ දිනයේ අපට ඔරොත්තු දීමේ ශක්තිය සිත තුළ ඇති කිරීමෙහිලා ඉතාම වැදගත් වෙනවා. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද අටලෝ දහමෙන් කම්පා නොවිය යුතු බව හඳුන්වන උතුම් තාදි ගුණය, ඔබ මේ දැවෙන සෑම ප‍්‍රශ්නයක් අභියසදීම හ`ඩා වැලපීමකින් තොරව උට්ඨාන වීර්යයෙන් යුතුව පිළිතුරු සෙවිය හැකි ඒකායන මාර්ගය බව සිහිපත් කළ යුතුයි.

 මුළු ලෝකයම වර්තමානයේ මුහුණ දෙන කොවිඞ් 19 වසංගතය නිසාවෙන් සියලූ ලෝක සත්ත්වයන් රෝග බියෙන් තැති ගෙන ඇති අවාසනාවන්ත කාලපරිච්ෙඡ්දයක් වුවත් අපි එම තත්ත්වය හමුවේ බුද්ධිමත්ව මුහුණ දීමට වීරිය ගත යුතුයි. අපි එකිනෙකාට අත දිගු කරමින් චෝදනා න`ගනවාට වඩා අපට අපි උපන් මේ මව්බිමට මේ අවස්ථාවේ කළ යුතු දේ කුමක්දැයි සිතා කටයුතු කිරීම වටිනවා. රෝගය නිවාරණය කිරීමට වෙහෙස දරන මේ මොහොතේ ඊට සහයෝගය ලබා දෙමින් පරගැතිභාවයෙන් තොරව අපේ දේ රැුකගනිමින් අනාගතයට මුහුණ දිය යුතු වෙනවා. අපෙන් සිදු වූ යම් වැරැුද්දක් වේ නම් නිවැරදි කර ගනිමින් උට්ඨාන වීර්යයෙන් යුතුව කටයුතු කිරීම වටිනවා. එසේ අපි කටයුතු කිරීමෙන් දුර්භික්ෂ බිය අපිට තුරන් කළ හැකි වෙනවා. අපේ මුතුන් මිත්තන් එදා වැව් අමුණු සාදා ඒ බිහි කළ වාරි කර්මාන්තය නිසාවෙන් අපි පරගැතිභාවයෙන් තොරව බත සරිකර ගනු ලබනවා. නමුත් මේ සියල්ල අකා මකා දමා අපි පිටරටින් ගෙනෙන දේට අත දිගු කරමින් තම අවශ්‍යතා සපුරා ගැනීමට බලා සිටීම තරම් අනුවණ ක‍්‍රියාවක් තවත් නොමැති තරම්ය. එම නිසා අපි හැම දෙනාම අලසකම දුරලා තමන්ට හැකි පරිදි අපේ වත්තපිටියේ කිනම් හෝ භව බෝගයක් වගා කර පරිභෝජනයට ගැනීමට වෙහෙසීම හෙළ බිමට කරනු ලබන මහත් සේවයකි. ඔබ කිසිදු දිනෙක මේ මහ පොළොවට බරක් නොවනු ඇත. රටට ණයකාරයෙක් නොවනු ඇත.

 රුහුණු මාගම්පත්තුවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශී‍්‍ර කතරගම
 ශ‍්‍රී අභිනවාරාමාධිපතිල
 ශාස්ත‍්‍රපති පූජ්‍ය කපුගම
 සරණතිස්ස නාහිමි

ආදායම හා වියදම් පාලනයට අල්පේච්ඡුතාවට මුල්තැන දෙමු

දුරුතු පෝදා දහම් සිසිලස - අටලෝ දහමෙන් කම්පා නොවීම යන උතුම් තාදි ගුණය තුළින්  ගැටලූ නිරාකරණය කරගනිමු

ලක්වාසී ඔබ අපි සියලූම දෙනා 2022 නව වසරට පා තබන්නට වූයේ දැඩි ආර්ථික හා සමාජයීය පීඩනයක් සම`ගයි. රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශ ද මේ වන විට පවතින්නේ තර්ජනයක. එසේනම් අපි ඊට මුහුණ දීමට වඩාත් නිරවුල් හා නිවැරදි මනසකින් යුක්තව කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා. මන්ද ඔබ මේ ගෙවන කාලපරිච්ෙඡ්දය ඔබේ ආදායම වියදම පාලනය කර ගත නොහැකිව ඔබ දැඩි පීඩාකාරීත්වයකින් පසු කරමින් සිටින බව සිහිපත් කළ යුතුයි. එසේ නම් ඔබ මෙහිදී මුල්තැන දිය යුත්තේ වඩාත් අරපිරිමැස්මෙන් යුතුව හා මනා කළමනාකාරිත්වයකින් යුතුව ඔබේ ආදායමට සරිලන පරිදි වියදම සකසුරුවම් කර

 ගැනීමටය. මේ ස`දහා ඔබ අධි පරිභෝජන රටාවෙන් මිදීම වඩාත් යහපත් වෙනවා. ඔබ දහඩිය මහන්සියෙන් උපයා සපයා ගන්නා මුදල පවතින ආර්ථික ක‍්‍රමය යටතේ කිසිදු ඉතිරි කිරීමකින් තොරව ඔබේ ආශාවන් ස`දහා වැය කිරීම නොව, ඔබ මූලිකත්වය ලබා දිය යුත්තේ මූලික අවශ්‍යතා හා වුවමනාවන් හරිහැටි හ`දුනා ගනිමින් ඒ ස`දහා ප‍්‍රමුඛත්වය ලබා දී සපුරා ගැනීමටය. අසාවන් පසුපස හඹා යමින් ඔබ ඒවා සපුරා ගැනීමට යෑමෙන් ඔබේ මූලික අවශ්‍යතා හා වුවමනාවන් අතපසු වීම සිදුවේ. එසේ වීමෙන් ඔබ සමාජයේ අසහනයට නැතහොත් මානසික ආතතියට පත්වේ. එසේ නම් ඔබ මේ පවතින කාල වකවානුව තුළ සෑමවිටම අල්පේච්ඡුතාවයට ප‍්‍රමුඛත්වය ලබා දී පහසුවෙන් පෝෂණය විය හැකි හෝ පහසුවෙන් පෝෂණය කළ හැකි පුද්ගලයකු වීමට උත්සාහවත් වන්න. කිසි විටෙකත් තව කෙනකුට අසාධාරණයක් හෝ අයහපතක් සිදු කිරීමට නොසිතන්න. අල්ලස් ගැනීම හෝ දීම තුළින් සමාජයට සිදු කරන අයහපතින් ඈත් වන්න. ¥ෂණය, වංචාව පිටු දකින්න. සෑම විටම එකිනෙකාට යුක්තිය හා සාධාරණය ඉටු කරන්න. එසේ නොමැති නම් අපට දිනෙන් දින ඇති වන ප‍්‍රශ්න අවුල් වියවුල් බවට පත්වෙයි. සෑම විටම පරිසරයට හිතකාමී ලෙස කටයුතු සිදු කරන්න. නැතහොත් පරිසරය ආපිට අපිට පහර දෙනු ලබයි. මේ කාලවකවානුව එවැනි අපූරු පාඩමක අත්දැකීම් ඔබ වි`දිමින් සිටින බව මොහොතකට සිහිපත් කර බලන්න.

 පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි


 ආශිර්වාදයයි

දුරුතු පෝදා දහම් සිසිලස - අටලෝ දහමෙන් කම්පා නොවීම යන උතුම් තාදි ගුණය තුළින්  ගැටලූ නිරාකරණය කරගනිමු



 වසරක් ගෙවී තවත් වසරකට පා තැබූ අපි නව වර්ෂයේදී ගිය වර්ෂයට වඩා වැඩිය යහපත්ව ගත කිරීම කළ යුතුය. පසුගිය වසර පුරාවට අප රට වාසීන්ට මෙන් ලෝ වැසි මනුෂ්‍ය වර්ගයාටම ගත කිරීමට සිදුවූයේ වසංගත රෝග උවදුරු තත්ත්වය මතය. එම තත්ත්වයෙන් වර්තමානයෙහි ද අප සියලූ දෙනාම මිදී නැත. එහෙත් කාලානුරූපීව ඇතිවන විපත් කිසිවකුට වළක්වාලිය නොහැකිය. ඒ බව සංස්කෘත සාහිත්‍ය තුළ මෙන්ම සිංහල සාහිත්‍ය තුළදී ද ඉතා පැහැදිලිව මනහර ලෙස සඳහන් කර ඇත.

 ‘‘විපත්තිඃ කාල සංජාතා – දුර්වාරා යෙන කෙනචිත්

 සායං පද්ම වනේ ජාතා හානිඃ කේන නිවාර්යතේ’’

 කාලානුරූපීව ඇතිවන විපත් කිසිවකුට වැළැක්විය නොහැකිය. උදේ කාලයෙහි පිපෙන පියුම් සවස් කාලයෙහි පරවන්නේමය. එය කිසිවකුට වැළැක්විය නොහැකිය. එබැවින් කාලානුරූපීව ඇතිවන විපත්වලට අප සියලූ දෙනාටම මුහුණ දීමට සිදුවේ. කළ යුතු වන්නේ බුද්ධිමත්ව ඒවාට මුුහුණදීමයි. නව වසරෙහිදී දියුණුව බලාපොරොත්තු වන ඔබ ව්‍යාපාරිකයකු, ගෘහස්ථයකු යන කුමන අංශයකට අයත් අයකු වුවත් උත්සාහ සම්පත්තිය නැතහොත් වීර්යය, ආරක්ෂා සම්පත්තිය, යහපත් සත්පුරුෂ ආශ‍්‍රය, සමජීවිකතාව නොහොත් තම පමණ දැන ජීවත්වීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුය. මෙය කුඩා දරුවාගේ පටන් මහලූ පුද්ගලයා දක්වා අදාළය. ඉගෙන

 ගන්නා දරුවාට ද ව්‍යාපාරිකයාට ද ගෘහස්ථයාට ද යන සෑම ක්ෂේත‍්‍රයකටම ඉහත කාරණා දියුණුවට පදනම ලෙස යොදාගත හැකිය. අලස, උදාසීන ගතිය දියණුවට බාධාවකි. එසේම ස්වකීය කායික, මානසික ආරක්ෂාව ද තමාට අයත්ය. අසත්පුරුෂ ඇසුර නිසා දියුණුව ඔබෙන් ඈත්වී යයි. තම ආදායමට අනුව වියදම් කිරීම ද පමණ දැන ජීවත්වීම ද දියුණුවට හේතුවක් වේ.

 එබැවින් මේ ලැබූ නව වසරේ ඉහත කරුණු කෙරෙහි ද අවධානය යොමු කරමින් දියුණුව, සෞභාග්‍යය, නිරෝගි බවින් පිරිපුන් වසරක් බවට මෙම වසර පත්කර ගැනීමට ඔබ හැම දෙනාටම තුණුරුවනේ ආශිර්වාදය සියලූ සම්දිටු දෙවිවරුන්ගේ ආරක්ෂාව නොම`දව සැලසේවා යි ප‍්‍රාර්ථනා කරමි.

 බණ්ඩාරගම, කිඳෙල්පිටිය

 ශ‍්‍රී පුණ්‍යවර්ධනාරාමාධිකාරී. ජගද්දලා සමාජ සුබසාධක ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, නියෝජ්‍ය ලේඛකාධිකාරී, සියම්වංශාලංකාර සද්ධර්ම කීර්ති ශී‍්‍ර, රාජකීය පණ්ඩිත, දර්ශනපති, කථිකාචාර්ය

 පූජ්‍ය අගලවත්තේ ඤාණවිමල ස්ථවිර

මෙම දහම් පඩුරේ බැති බර දායකත්වය දරනු ලබන්නේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාවහන් නිෂ්පාදකයන් වන DSI නිවසිනි.
 
 සකස් කළේ – අචලා ඉරෝමි

advertistmentadvertistment
advertistmentadvertistment