දුර දිවීමේ ලෝක ශුරියක් පිහි ප‍්‍රහාරකින් මරුට

348

කිලෝ මීටර් 10 කාන්තා දුර දිවීමේ ලෝක ශූරිය වන කෙන්යානු ජාතික මලල ක‍්‍රීඩිකා 25 හැවිරිදි ඇග්නස් ටිරොප් ඇයගේ නිවසේදී පිහි ප‍්‍රහාරයක් එල්ල කර මරා දමා ඇති බව බලධාරීන් විසින් නිවේදනය කර තිබේ. ක‍්‍රීඩිකාවගේ මරණයත් සමගම ඇයගේ සැමියා නිවසින් අතුරුදන්ව සිටීම නිසා ඔහු විසින් මෙම මරණය සිදුකරන්නට ඇති බවට පොලිසියට සැක පහළ වී තිබේ.

 පොලිසිය විසින් මලල ක‍්‍රීඩිකාවගේ මරණය සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් අරඹා තිබේ. මිය ගිය ටිරොප් ඉකුත් මාසයේ ජර්මනියේ පැවති කිලෝ මීටර් 10 දුර දිවීමේ කාන්තා තරගය ලෝක වාර්තාවක් පිහිටුවමින් ජයග‍්‍රහණය කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment