දුර පැනීමේ ඉසව්වෙන් පි‍්‍රයංකා අද තරග බිමේ – 2020 ටෝකියෝ පැරාලිම්පික් කී‍්‍රඩා උළෙල

155

ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙන 2020 පැරාලිම්පික් තරගාවලිය නියෝජනය කරන ශ‍්‍රී ලංකාවේ එකම කී‍්‍රඩිකාව වන කුමුදු පි‍්‍රයංකා අද නැවතත් තරග බිමට පිවිසීමට නියමිතව තිබේ. එ් ටී47 කාණ්ඩයේ කාන්තා දුර පැනීමේ ඉසව්ව නියෝජනය කරමිනි.

කුමුදු පි‍්‍රයංකා පසුගියදා කාන්තා මීටර් 100 ඉසව්වට තරග කළ අතර එහිදී මූලික වටයේදී අටවැනි ස්ථානයට පත්වන්නට ඇය සමත් වූවාය. එ් අනුව එම ඉසව්වේ අවසන් තරගය පිවිසීමට වරම් අහිමි වුවද අද දිනයේදී තවත් බලපොරොත්තුවක් පි‍්‍රයංකා හමුවේ ඉතිරි වී තිබේ.

ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් පැරාලිම්පික් තරගාවලියකට කී‍්‍රඩා කරන දෙවැනි කී‍්‍රඩිකාව පි‍්‍රයංකා වන අතර මීට පෙර 2012 ලන්ඩන් පැරාලිම්පික් සහ 2016 රියෝ පැරාලිම්පික් කී‍්‍රඩා උළෙලේදී අමරා ඉන්දුමතී ශී‍්‍ර ලංකාව නියෝජනය කළාය. මීටර් 100 සහ මීටර් 200 ඉසව්වට අමතරව දුර පැනීමේදී දක්ෂතා දක්වා ඇති ප‍්‍රියංකා මේ වසරේදී ඩුබායිහි පැවැති ලෝක පැරා මලල කී‍්‍රඩා උළෙලේදී එම ඉසව්වේ ලෝකඩ පදක්කමට හිමිකම් කීවාය.

මේ අතර යගුලිය දැමීමේ ඉසව්ව නියෝජනය කරමින් එෆ්63 කාණ්ඩය යටතේ පාලිත බණ්ඩාර සහ පිරිමි මීටර් 400 ඉසව්වේ ටී47 කාණ්ඩය නියෝජනය කරමින් මදුරංග සුබසිංහ හෙට (04 වැනිදා) තරග බිමට පිවිසීමට නියමිතව තිබේ.

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment