දුලාන්ගෙන් ලෝකඩ පදක්කමක්… සම්පත් නව වැනි ස්ථානයෙන් නතර වෙයි

483

මෙවර පැරාලිම්පික් කී‍්‍රඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වට තරග වැදුණු සමිත දුලාන් එහිදී ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඊයේ (30 වැනිදා) සමත්විය. එක් පාදයක් දණහිසට පහළින් අහිමි හෝ එ් හා සමාන ආබාධයන්ට අයත් එෆ්44 කාණ්ඩයෙන් තරග කළ දුලාන් එහිදී මීටර් 65.61ක දක්ෂතාවක් ප‍්‍රදර්ශනය කරමින් ලෝකඩ පදක්කමට හිමිකම් කීමට සමත්විය.

 සිය පළමු උත්සාහයේදී මීටර් 62.11ක දුරක් වාර්තා කළ දුලාන් සිය දෙවැනි උත්සාහයේදී වාර්තා කළේ මීටර් 59.81ක දුරකි. තෙවැනි අවස්ථාවේදී මීටර් 63.49ක් වාර්තා කළ දුලාන් සිය සිව්වැනි අවස්ථාවේදී මීටර් 65.61ක දුරක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය. එය ඔහුගේ සිය පෞද්ගලික් හොඳම වාර්තාව ලෙසින්ද එ් සමගින් සටහන් විය.

 මේ අතර ඊයේ පාදයක් අහිමි හෝ අකී‍්‍රය එෆ් 64 කාණ්ඩයෙන් හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කළ චමින්ද සම්පත් එම ඉසව්වේ නම වැනි ස්ථානයට පත් වූ අතර ඔහු සිය පළමු සහ දෙවැනි උත්සාහවලදී පිළිවෙළින් මීටර් 49.94ක් සහ මීටර් 48.34ක දුරක් සටහන් කිරීමට සමත්විය. අනතුරුව තෙවැනි අවස්ථාවේදී මීටර් 49.21ක දුරක් සටහන් කළ සම්පත් ඔහුගේ ඉතිරි අවස්ථා දෙක ලබා ගැනීමෙන් වැළකී සිටියේය.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment