දුලිප්ගේ සහායට කල්පගේත් ඕමානයට

435

ශී‍්‍ර ලංකාවේ හිටපු තුන් ඉරියව් කී‍්‍රඩක රුවන් කල්පගේ මහතා ඉදිරි පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ඕමාන කණ්ඩායමේ පුහුණු උපදේශකවරයකු ලෙස පත්කර ඇත.

රුවන් කල්පගේ මහතා බංග්ලාදේශ සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම්වල විවිධ පුහුණුකරු තනතුරු දරමින් කටයුතු කර ඇති අතර මේ වනවිට ඔහු ටැමිල් යුනියන් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.

කල්පගේ මහතා ඔක්තෝබර් 03 වැනිදා ඕමානය බලා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වන අතර ඒ අනුව ශී‍්‍ර ලංකාවත් ඕමානයත් අතර ලබන 07 වැනිදා සහ 09 වැනිදා පැවැත්වෙන තරග දෙකේදී කල්පගේ මහතා ඕමානය වෙනුවෙන් වැඩ ඇල්ලීමට නියමිතව ඇත.

ඕමාන කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශී‍්‍ර ලංකා කී‍්‍රඩක දුලිප් මෙන්ඩිස් මහතා කටයුතු කරයි.

ටෙස්ට් තරග 11 කට සහ එක්දින තරග 86 කට ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කී‍්‍රඩා කර ඇති කල්පගේ මහතා 1999 වසරේදී ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියෙන් විශ‍්‍රාම ගියේය.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment