දුවට වෙච්ච දේ මට අදහගන්නත් බෑ එයා ගින්දරට හරි බයයි… ඇය සිටියේ කන්‍යා සොහොයුරියක් වෙන්න… ඉෂාලිනිගේ මව ‘දිවයින’ට කියයි

398

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් මහතාගේ කොළඹ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී ජීවිතක්ෂයට පත්වූ ඉෂාලිනි ජූඞ් කුමාරි දැරිය පිළිබඳව ඇගේ මව සහ පියා ‘දිවයින’ සමග කළ අනාවරණයකි මේ. ඩයගම බටහිර පදිංචි රාජමානික්කම් රංජනි නමැති මෙම මවගේ තෙවැනි දැරිය වන්නේ ඉෂාලිනිය. ඉෂාලිනිගේ පියා ජෙයරාජ් ජූඞ් කුමාර්ය.

ishalini
 
 මට ළමයි 06 දෙනෙක් ඉන්නවා. ලොකු පුතා තිරුප‍්‍රසාද් වසස 21යි, දෙවැනි දුව විදුනිෂා වසය 19, තුන්වෙනියා මියගිය ඉෂාලිනි වයස අවුරුදු 16යි, හතරවෙනියා ජනිත්සරීන් වසය 13යි, පස්වෙනියා ජුලිත් සෙත්රින් වයස 07යි, හයවෙනියා මිෂාමිවරන් වයස අවුරුදු 02යි.
 
 ඉෂාලිනි 7 වසර වෙනකම් පාසල් ගියේ අවිස්සාවේල්ල සී. සී. දෙමළ මහා විද්‍යාලයට.

ishalini2
 
 කොරෝනා එන්න කලින් මගේ මහත්තයයි මගේ පුතයි වැඩ කළේ කොළඹ. කොරෝනාත් එක්ක රට වැහුවා. ඒත් එක්කම මගේ මහත්තයයි, පුතයි ඩයගම ගෙදර ආවා. අපේ පවුලේ ඔක්කෝම 06 දෙනෙක් ඉන්නවා. අපි ජීවත් වන්නේ හරිම අමාරුවෙන්.
 
 ඒ අමාරුකම් නිසාම මේ වත්තේ පොලියට සල්ලි දෙන මුදලාලිගෙන් රුපියල් 30,000ක් පොලියට ඉල්ලා ගත්තා. ඒ මුදල පොරොන්දු වෙච්ච දවසට දෙන්න බැරිවුණා. ඒක රුපියල් 80,000 දක්වා මාසයක් ඇතුළත නැග්ගා. ඒ සල්ලි දෙන්න බැරිවුන නිසා එම පොලියට දුන්න පුද්ගලයා හැමදාම ඇවිත් අපේ ගෙදර ඉස්සරහා කෑ ගහනවා.
 
 ඔය අතරේ සංකර් අයියා මගෙන් ඇහුවා. ඇයි ඒ මනුස්සයාත් එක්ක තියෙන ප‍්‍රශ්න මොකක්ද කියලා. මම කිව්වා, මම පොලියට සල්ලි වගයත් ගත්තා. ඒක දීගන්න බැරිව ඉන්නේ කියලා.

ishalini1
 
 සංකර් අයියා මගේ දුව රිසාඞ් බදූර්දීන් ඇමතිතුමාගේ ගෙදර වැඩට එක්කන් යන්න කලින් සති දෙකකට ඉස්සරලා මට රුපියල් 30,000ක් එයාගේ යාළුවෙක්ගේ රත්තරං බඩුවක් තියලා අරන් දුන්නා.
 
 ඒකට පස්සේ මම සංකර් අයියාට කිව්වා, මට කොහෝ හරි රැුකියාවක් හොයලා දෙන්න කියලා. එයා එතකොට කිව්වා, සංකර් අයියාගේ දුවත් අවුරුදු 04ක් රිෂාඞ් බදූර්දීන් ඇමතිතුමාගේ ගෙදර වැඩ කළා. ඒ ගෙදර හරි හොඳයි. එතැනට වැඩ හොයලා දෙන්නම් කියලා. ඊට පස්සේ සංකර් අයියා කිව්වා, ඔයාට එතැන වැඩට යන්න බැහැ. ඔයාට පොඩි ළමයින් ඉන්න නිසා. ඒ නිසා ලොකුදුව වැඩට යවන්න කියලා. එතකොට ලොකුදුව හිටියේ පුංචිලාගේ දිහා. ඒ කියන්නේ පූඬළුඔය. ඒ නිසා මගේ දෙවැනි දුව යන්න කැමැති වුණා. ඒත් දෙවැනි දුව යනවාට මමවත් මගේ මහත්තාවත් කැමැති වුනේ නැහැ. ඒත් දුව කිව්වා මම ගිහිල්ලා වැඩ කරලා සල්ලි එවන්නම්. එතකොට ණය ගෙවලා ගෙදරටත් කන්න බඩු ටිකක් ගන්න පුළුවන් කියලා.
 
 සංකර් අයියා කිව්වා කොරෝනා නිසා කවුරුත් එක්කං යන්න බෑ කියලා. එයා කිව්වා දුව ගිහින් ඇරලලා. පඩිය ගෙනත් දෙන්නං කියලා. එහෙමයි එයා එදා දුව එක්කගෙන ගියේ.
 
 දුව ගිහිල්ලා සතියක් ඇතුළත කතා කළා. ඒ ගෙදර වැඩ කරන මල්ලි කෙනෙක් ඉන්නවා. එයාගේ අංකයෙන් තමයි කතා කළේ. සෙනසුරාදා ඉරිදා 7.00 ත් 8.00 ත් අතර විනාඩි 5ක් විතර කතා කරනවා. මුලින්ම කතා කරපු දවසේ වැඩ කරන තැන කොහොමද කියල ඇහුවා. දුව කිව්වා අව්ලක් නෑ කියලා.
 
 ගිය මාසයේ 10 – 15 දිනයන් අතර සංකර් අයියා කතා කරලා කිව්වා. මැඩම් කෝල් එකක් ගන්න කිව්වා කියලා. මැඩම් කියන්නේ රිෂාඞ් බ¥ර්දීන් ඇමතිතුමාගේ නෝනායි.
 
 ඊට පස්සේ මම අර මල්ලිගේ අංකයට කෝල් කළා. එතකොට මගේ දුව කිව්වා මට මෙතැන වැඩ කරන්න බෑ අම්මේ, මාව එක්කං යන්න කියලා කිව්වා. මම ඇහුවා ඇයි කියලා. මට කිව්වා වැඩ කරන අයියා මට කොස්සෙනුත් ගහනවා කියලා. ඒ අතරතුර ඇමතිතුමාගේ ඥාති දුවක් රු. 5000ක් මගේ දුවට සන්තෝෂ වශයෙන් දීලා තිබ්බා. ඒ 5000ත් මගේ දුව ඒ ගෙදරින් හොරකම් කලා කියලා ඒ මල්ලි කිව්වා.
 
 මට එදා තේරුනා මගේ කතා කරන තැන මැඩනුයි, මැඩම්ගේ අම්මයි, ක්ලීන් කරන මල්ලියි එතැන ඉන්නවා කියලා. මොකද එයාලා මම දුවත් එක්ක කතා කරන කොට එයාලාගේ කට හඬත් ඒ අතරතුර මට ඇහුණා. එතකොටම ක්ලීන් කරන මල්ලි මගේ දුවගෙන් ෆෝන් එක උදුරගෙන කිව්වා මෙයා මැඩම්ට කට ගහනවා. එහෙම කොහොමද කට ගහන්නේ කියලා… මට දුවගෙන් අහන්න කිව්වා.
 
 ඒ වේලාවේ මැඩම් කිව්වා දුව හෙමීට තමයි වැඩ කරන්නේ කියලා. මම එවෙලෙ කිව්වා මම 21 වෙනිදා එන්නම්. දුවට කෑ ගහන්න එපා. මම ඒ ගෙදර වැඩට එන්නම් කියලා. එහෙත් මට ලොක්ඩවුන් හින්දා යන්න බැරිවුණා. ඊට පස්සේ 27 වෙනිදා යන්න බැලූවා. ඒත් බැරිවුණා. ඊට පස්සේ මේ ජූලි 7 වෙනිදා මොනවා වුනත් මම කොළඹ යනවා කියලා කිව්වා.
 
 දුව වැඩට ගියේ රු. 25,000කට. දුවගේ පඩිය වශයෙන් දැනට රු. ලක්‍ෂ 2ක් දීලා තියෙනවා. මැඩම්ගේ අම්මගේ ගවුන් 3ක් අපේ දුවට අඳින්න දීලා තිබ්බා.
 
 සිද්ධිය වෙලා තියෙන්නේ 3 වෙනිදා උදේ 6.40ට විතර. එදා උදේ 7.00ට මැඩම්ලාගේ ගෙදරින් සංකර් අයියාට කතා කරලා තිබුණා. ඒත් සංකර් අයියා මට මොකුත් කිව්වේ නෑ. හවස 3.00ට විතර බොරැුල්ල පොලිසියෙන් කතා කරලා අපේ නැතිවෙච්ච දුවගේ නම ඇහුවා.
 
 එයාලා කිව්වා දුවට පොඩි කරදරයක් පුළුවන් තරම් ඉක්මනට එන්න කියලා. ඊට පස්සේ සංකර් අයියාට මම කතා කරපුහම සංකර් අයියා කිව්වා අපි වෑන් එකක් හයර් කරගෙන යං. වෑන් එකේ ගාස්තුව මැඩම් ගෙවනවා කියලා. ඊට පස්සේ මගේ පුතා තිරුප‍්‍රසාද් අවිස්සාවේල්ලේ තමයි වැඩ කළේ. මායි මගේ මහත්තයායි, පුතයි අපි ඔක්කොම කොළඹ ගියා. අපි කෙලින්ම ගියේ මැඩම්ලාගේ දිහා. මැඩම් කිව්වා එදා දුව ඇඳගෙන හිටියේ සිල්ක් ගවුමක් ඒ ගවුමේ වාටියේ නූලක් පුච්චන්න ගිහිල්ල තමයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා. මැඩම් උඩ තට්ටුවේ නිදාගෙන හිටියා කියලා. දුව කෑගහන සද්දේට තමයි ඇහැරිලා පල්ලෙහාට ආවේ කියලා. ඒ එනකොට දුව ගිනිගෙන සාලයට දුවගෙන ආ බවත්, මැඩම්ගේ තාත්තා කාපට් එකක් අරගෙන දුවගේ ඇඟට දාලා ගින්න නිව්වා කියලා. ඊට පස්සේ මැඩම්ලාගේ ගෙදර තියෙන වතුර ටැංකියට බැහැලා හිටියා කියලාත් අයිස් වතුර එකක් ඉල්ලලා බිව්වා කියලාත් මැඩම් කිව්වා. එමෙන්ම මැඩම්ලා ගෙන්නපු ඇම්බියුලන්ස් එකේ මගේ දුවම නැගලා ට්‍රොලියේ ඉඳගත්තා කියලා. හොස්පිටල් ඒකේදී පොලිසියත් එක්ක මගේ දුව කතා කළා කියලා කිව්වා. නමුත්, මම හොස්පිටල් එකට ගිහිල්ලා බලපුහම හොස්පිටල් එකේ අය කිව්වේ. හොස්පිටල් එකට ගෙනල්ලා පැය භාගයක් තුළ මැෂින් එකට දැම්මා කියලා. මට තේරෙන්නේ නැහැ මොනවද වුණේ කියලා. මගේ දුව ගින්දරවලට වගේම පොඩි සද්දවලටත් හරිම බයයි. එයා හිටියේ කවදහරි කන්‍යා සොයුරියක් වෙන්න. ඇයට මේ වුනදේ මට හිතාගන්න බෑ. ඒක හීනයක් වගෙයි.
 
 කොළඹ පොලිසියේ මහත්තුරු ඇවිල්ලා මගේ දුව හා මගේ ලොකු දුව ගැන ගොඩක් දේවල් අපෙන් අහනවා. එයාලා අපෙන් අහන්නේ හරියට දුවට මෙහේදී මොනව හරි වුණා වගේ. එයාට කොළඹදි වුණ දේවල් තමයි හොයන්න ඕන. මම ඉල්ලා සිටින්නේ යුක්තිය හා සාධාරණය අපට ඉටුකර දෙන නිසයි. මගේ දුවට මේ අවාසනාවන්ත ඉරණම අත්වුණේ දුප්පත්කම හින්දයි. ඒක නිසා තමයි මගේ දුව වැඩකාරකමට යැව්වේ. මගේ දුවට වෙච්ච කරදරය තවත් කිසිදු දුප්පත් දරුවකුට වෙන්න එපා කියලයි මම දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ.
 
 ඉෂාලිනි දැරියගේ පියා :
 
 අපේ දුප්පත්කමයි අසරණකමයි නිසා තමයි දුව වැඩට යැව්වේ. ඒ අපි කාගේත් බල කිරීමකට නොවෙයි. මම එයාට යන්න එපා කියලත් කිව්වා. නමුත් අපේ අවාසනාවට ඇය සිය කැමැත්තෙන්ම ගියා. ඒ ළමයා කොහොමත් ගිනි තියාගන්නේ නැහැ. මගේ දුව ගින්දරවලට වගේම පොඩි දෙයටත් හරිම බයයි. මට වැඩ කරන්න බැහැ. මම රෝගියෙක්. මගේ කකුල අමාරුයි. අපේ පොඩි දුවත් අසනීපයෙන් ඉන්නේ. දෙවියන්ගේ නාමයෙන් අපි ඉල්ලන්නේ සාධාරණයක් ඉෂ්ට කරන්න කියලයි. අපි හරි අසරණ මිනිස්සු. අපිට උසාවි මාර්ගයෙන් හරි පොලිසි මාර්ගයෙන් හරි සාධාරණයක් ඉෂ්ඨ කරලා දෙන්න කියාලා මම වැඳලා ඉල්ලා සිටිනවා. කොළඹින් පොලිසියේ කට්ටියක් ඇවිල්ලා දුව මොනවද මෙහෙ කළේ කියලා ඇහුවා. ඒ විස්තර ඔක්කෝම අපි කිව්වා. අපි කියන්නේ මේ ඇවිල්ල හොයලා බලනවා වගේම. මැඩම්ලාගේ ගෙදරත් ගිහිල්ලා විස්තර හොයලා බලන්න.
 
 නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment