දුෂ්කර ගොවි බිමක් අස්වද්දන්නට ඌරෑව ගොවි ජනතාවට සවියක් වූ සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරය

130

ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට පෙර ආගමික කටයුතුවල නිරත වෙමින්

කෘෂිකර්මාන්තයේ පසු බැස්ම සමස්ත ශ‍්‍රී ලංකාවේම සංවර්ධනයට ඍජුවම බලපාන්නක් බව රහසක් නොවේ. මේ බව මනාව හඳුනාගත් සම්පත් බැංකුව නව්‍යකරණ බැංකු සේවාවන්හි තාක්ෂණික විප්ලවයක් ජනතාව වෙත දායාද කරන අතරතුර අපගේ ජාතියේ මුල් පද්ධතිය සුරැකිව අනාගත පරපුර වෙනුවෙන් ඒ අයුරින්ම උරුම කර දෙන්නට වෙර දරන්නේ අභාවයට යමින් පවතින වැව් ප‍්‍රතිසංස්කරණය සඳහා කැපවෙමිනි. සම්පත් බැංකුවේ වැවට ජීවයක් සමාජ සත්කාරක වැඩසටහන ඇරඹුණේ ඒ වෙනුවෙනි.

එහි 11 වන අදියර ලෙස ඇරඹි පදවිය, මහසෙන්පුර, ඌරෑව ‘වැවට ජීවයක් ’සමාජ සත්කාරක වැඩසටහන කරුණු කිහිපයක් හේතුවෙන් වැදගත් වන්නකි. විශේෂයෙන් වැවක ප‍්‍රතිසංස්කරණයටත් එහා යමින් ජල කළමනාකරණය හා ඒ තුළින් ගොවි බිම්වලට සිදුවිය හැකි හානි අවම කිරීම වෙනුවෙන්ද එහි ඉදි කිරීම් සිදු කිරීමයි. එපමණකුදු නොව පදවිය ඌරෑව වැව මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා තෝරා ගැනීමම විශේෂත්වයකි. මහසෙන්පුර ඌරෑව ගැමුණු ගොවි සංවිධානය හා ගම්වාසීන් ශ‍්‍රම දායකත්වය සපයන අතර අනුරාධපුර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික දායකත්වයද මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට සපයන්නේ මහඟු සවි බලයකි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප‍්‍රනාන්දු මහතා පැවසුවේ මෙවැන්නකි. ‘‘ස්වයපෝෂී රටක් නිර්මාණය කිරීමේදී කෘෂිකර්මයෙහි ඇති වැදගත්කම අන් කවරදාටත් වඩා අද දවසේ ඉතා හොඳින් පෙනෙන්නට තිබෙනවා. අගනුවරට හෝ ජනතාව බහුලව සිටින කලාපයන්ට පමණක් සීමා නොවුණ බැංකුවක් ලෙස අපි මේ ආකාරයේ දුෂ්කර ගම්මානයන්හි ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ එම කෘෂිකර්මාන්තයේ හෙට දවස වෙනුවෙනුයි.

ගොවි ජනතාව සවිබල ගැන්වීම මේ මොහොතේ අවශ්‍යම සාධකයක් ලෙස මා දකිනවා. විශේෂයෙන් ගොවිතැනට අත්‍යවශ්‍යම සාධකයක් වන ජලය සපයා ගැනීමේදී ඔවුන් විඳින දුෂ්කරතාවයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් කෘෂිකර්මාන්තය සඳහා දියවර සපයන වැව් ප‍්‍රතිසංස්කරණය වෙනුවෙන් ‘වැවට ජීවයක්’ වැඩසටහන අපි ආරම්භ කළා. ඒ යටතේ මේ වන විට දිවයින පුරා වැව් 10ක් ප‍්‍රතිසංස්කරණය කර ගොවි ජනතාව වෙත ලබා දීමට අපි කටයුතු කළා. මෙවර 11 වැනි වැඩසටහන ලෙස ඌරෑව ගම්මානයේ ගොවි ජනතාවට සෙත සැලසීමට ලැබීම පිළිබඳ ඉතාමත් සතුටුයි’’

advertistmentadvertistment
advertistmentadvertistment