දුෂ්මන්තගේ ලක්නව් පරදියි

343

අයිපීඑල් ක‍්‍රිකට් තරගාවලිය යටතේ මුම්බායි හි වන්කඬේ ක‍්‍රීඩාංගණයේදී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර පෙරේදා (28 වෙනිදා) පැවති තරගයෙන් පන්දු දෙකක් ඉතිරිව තිබියදී කඩුලු පහකින් තරගය ජයග‍්‍රහණය කිරීමට ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම සමත් විය.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලබාගත් ලකුණු 158 කඩුලු 5ක් දැවී තිබියදී හඹා යෑමට ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම සමත් විය.

මෙම තරගයේදී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කළ දුෂ්මන්ත චමීර පන්දු වාර තුනක් ක‍්‍රියාත්මක කරමින් ලකුණු 22කට කඩුලු දෙකක් දවා ගත් අතර තරගයේ පළමු සහ දෙවන පන්දු වාර දෙකේදී එම කඩුලු දෙක දවා ගැනීමට ඔහු සමත් වූයේය. ලකුණු 25කට කඩුලු 3ක් දවා ගත් ගුජරාටි ටයිටන්ස් කණ්ඩායමේ මොහොමඞ් ශාමි තරගයේ වීරයා බවට පත්වූයේය.

ලකුණු සාරාංශය

ලක්නව් සුපර් ජයන්ට්ස් 158/6 (දීපාක් හූඩා 55, ආයුෂ් බඩෝනි 54, මොහොමඞ් ශාමි 25/3, වරුන් ආරොන් 45/2

ගුජරාටි ටයිටන්ස් 161/5 (රාහුල් ටෙවෙටියා 40, හර්දික් පාන්ඩයා 33,දුෂ්මන්ත චමීර 22/2, ක්රුන්ල් පාන්ඩයා 17/1)

advertistmentadvertistment
advertistmentadvertistment