දුෂිත රාජ්‍යයක කලූපාට ශේෂ පත‍්‍රය

108

දූෂිත ගනුදෙනු නැගීඑන රාජ්‍යයන් කිහිපයකම ආර්ථික ඉදිරි ගමන අඩාල කිරීම, බිඳ දැමීම අපි අද ලොව පුරා දකිමින් සිටින්නෙමු.

2013 දී බ‍්‍රසීල රජයට අයත් ඡුැඑරදඉර්ි නම් වූ තෙල් ක්ෂේත‍්‍රයේ යෝධ ආයතනය හා සම්බන්ධ කොන්ත‍්‍රාත් කටයුතු වෙනුවෙන් ඩොලර් බිලියන ගණනින් සිදුව ඇති දූෂිත ගනුදෙනු සහ ඒ හා සම්බන්ධ දේශපාලනඥයන් මෙන්ම රජයේ නිලධාරීන් ගැන මහා හෙළිදරව්වීමක් සිදුවිණ. 1970 යුගයේ දී අමෙරිකානු ගුවන්යානා මිලදී ගැනීම් සඳහා අල්ලස් ගැනීම් ගැන ජපාන දේශපාලනඥයන්ගේ සබඳතා පිළිබඳව ආන්දෝලනාත්මක හෙළිදරව්වද මගේ සිහියට නැගේ.

මෙවැනි දූෂිත ගනුදෙනු රටක ආර්ථික ඉදිරි පියවර මැනීම් බිඳ දැමීමට මෙන්ම රටවල සියලූ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ ප‍්‍රයත්නයද විනාශකර දමයි. එමෙන්ම මේ දූෂිත ගනුදෙනු මගින් සිදුවන්නේ ජනතාවගේ අධ්‍යාපනය, සෞඛ්‍ය කටයුතු, සුබසාධනය සඳහා කළ හැකි ආයෝජන පැහැර ගැන්මයි.

මහා පරිමානයේ දූෂිත ගනුදෙනු ලොවපුරා වැඩි වශයෙන් සිදුවන්නේ ඉදිකිරීම් සහ ආරක්ෂක උපකරණ මිලදී ගැනීම් ආදී ක්ෂේත‍්‍රවල වීම මාධ්‍ය හෙළදරව් කිරීම් තුළින් පෙනීයයි.

මෙම දූෂිත ගනුදෙනු අවමකර ගැන්ම, ජන සමාජයකට අභියෝගයක්මය. එහෙත් මේ අභියෝගයට සාර්ථකව මුහුණදීමට ඇති අධිෂ්ඨානය සහ උත්සාහය තුළින් සමාජයකට දිනාගත හැකි දෑ අපමණය. 2003 පමණ කාලයේදී ජෝර්ජියාවේ දේශපාලන නායකත්වය මේ සම්බන්ධව දැවැන්ත වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීම සිදුවිණ. මේ තුළින් වසර පහක පමණ කාලයකින් ජෝර්ජියාවේ බදු ආදායම 12% සිට 25% දක්වා ඉහළ යෑම සිදුවිණ.

දූෂිත ගනුදෙනු හේතුවෙන් රටකට සිදුවන මූල්‍යමය පාඩුවකට ඔබ්බට ගිය හානියක් රටකට විඳින්නට සිදුවේ. රටක ජනතාවගේ අනාගතය අඩාල කිරීමට හැම ක්ෂේත‍්‍රයකින්ම මේ හේතුව නිසා අහිතකර තත්ත්වයක් උදාවීම යථාර්ථයයි. මෙම දූෂිත ගනුදෙනු සම්බන්ධව ප‍්‍රසිද්ධ රාජ්‍යන්හි ජනතා සුබසාධනය බිඳවැටීමට අමතරව ආදායම් විෂමතාව වැඩිවීම, කුසගින්න, විරැකියාව මෙන්ම කාර්යක්ෂමතාව අඩාලවීම, පාරාදෘෂ්‍යභාවය සහ වගවීම ආදියෙන් බැහැරයෑම සිදුවීම දැකිය හැකිවේ.

මෙවැනි දූෂිත පාලනයනට කාලයක් ප‍්‍රසිද්ධව සිටි පිලිපීනයේ මාකෝස්, ඉරානයේ ෂා, ටියුනීසියාවේ බෙන්අලි වැනි පාලකයන් සමග රටේ මේ දූෂිත ගනුදෙනු වලින් පොහොසත් වූ සමීප කොටස් ගොඩනගාගෙන තිබූ තාප්පයන් හේතුවෙන් මේ දූෂිත පාලකයන් හා සාමාන්‍ය ජනතාව අතර විශාල පරතරයක් ඇතිව තිබිණ.

කෙසේවුවද මෙවැනි දූෂිත ගනුදෙනු හේතුවෙන් ලොව රාජ්‍ය නායකයන් බොහෝ දෙනකුට විපාක විඳීමට සිදුවීමද අපි දකින්නෙමු. දකුණු කොරියාවේ ජනපතිනිය වූ පාක් ජූන් හේ වසර විසිහතරක සිර දඬුවමකට පත්විණ. මැය දකුණු කොරියාවේ ආර්ථික නැගිටීමේ නිර්මාතෘ ලෙස සැලකෙන ජනරාල් පාක් ගේ දියණියයි. පේරු රාජ්‍යයේ හිටපු ජනපතිවරුන් කිහිප දෙනකුටද මෙවැනි තත්ත්වයනට මුහුණ දෙන්නට සිදුවිණ. දකුණු අප‍්‍රිකාවේ ජනපති ජේකොබ් සුමාට ද එරෙහිව බිලියන ගණනක මූල්‍ය වංචාවන් සම්බන්ධව චෝදනාවනට මුහුණදීමට සිදුවිණ.

දකුණු කොරියාවේ පාක්ජූන් පසුගිය වසරේ එරට ජනපති සමාව ලැබී නිදහස් වූවාය. තමන්ගේ සගයන්, තම දේශපාලන පක්ෂ යළි බලයට පත්වූ පසු දඬුවම් ඉවත්කර නිදහස ලබාගැන්ම සිදුවෙමින් පවතී. අනාවරණය කරන දැවැන්ත සිද්ධි පෙණ පිඩු බිඳෙන සේ විසිරී මැකී යයී.

මෙලෙස අනියම් ක‍්‍රමවලින් මේ දූෂිත පාලකයන් සහ වටේ සිටින ඔවුන්ගේ කල්ලි උපයාගන්නා වූ මුදල් කන්දරාවල් මැතිවරණ තුළදී වැය කිරීම් තුළින් ඔවුන්ගේ දේශපාලන පැවැත්ම තහවුරු කරගැන්මට උත්සාහ කිරීම ලොවපුරා අපි දකින්නෙමු.

එසේ වුවද මේ තත්ත්වයන් ගැන අවධියෙන් සිටින ප‍්‍රබුද්ධ කොටස් මේ තත්ත්වයන් වටහා ගනිමින්, ඒ තත්ත්වයන් වෙනස් කිරීමට ඉදිරියට ඒමේ ප‍්‍රවනතාවද අපි ලොවපුරා දකින්නෙමු.

අමෙරිකාව වැනි රටවල පවා ඇලෙක්සැන්ඩි‍්‍රයා ඔකාසියෝ වැනි ඉතා තරුණ කොංග‍්‍රස් සභිකයන් පෙළකගේ මතුවීම මේ පිළිබඳව දිය හැකි හොඳ නිදසුනක් වේ. දසක ගණනක් තිස්සේ, ධනවත් පෞද්ගලික ව්‍යාපාරික ආයතනයන්ගේ අනුග‍්‍රහය ලබමින් අඛණ්ඩව කොංග‍්‍රසය නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ දේශපානඥයෙකු පරදවමින් ඇය කොංග‍්‍රසයට තේරී පත්වූයේ මහා පරිමානයේ ව්‍යාපාරික කොටස්වල අනුග‍්‍රහය ලබා ගැන්ම වෙනුවට තම මැතිවරණ ප‍්‍රදේශයේ සාමාන්‍ය ජනතාවගේ ආශිර්වාදය හා සංවිධාන ශක්තිය තුළිණි. සාම්ප‍්‍රදායික දේශපාලන බල අධිකාරියට එරෙහිව ඇලෙක්සැන්ඩි‍්‍රයා ඔකාසියෝ ඇතුළු නව පරපුරක නැගිටීමක් පසුගිය ඇමෙරිකානු කොංග‍්‍රස් මැතිවරණය සෑහෙන ප‍්‍රමාණයකට සිදුවී තිබිණ.

මේ අතර පසුගියදා කොස්ටරිකාවේ හිටපු උප ජනාධිපතිවරයෙකු ප‍්‍රකාශ කර සිටියේ, මහජනතාව, මාධ්‍යය සහ අධිකරණය සතුව මේ අභියෝගය ජයගැන්ම සඳහා දැවැන්ත කාර්යභාරයක් ඇති බවයි.

නිතිපතා නිකුත්වන ජාත්‍යන්තර වාර්තාවන් ලොවපුරා ජනතා මුදල් කොල්ලකන විලාශය මැනවින් හෙළිදරව් කරමින් සිටී. ශ‍්‍රී ලංකාවද දූෂිත රටවල් පිළිබඳ ජාත්‍යන්තර දර්ශකයන්හි නින්දාසහගත තත්ත්වයකට පත්වෙමින් සිටී.

මේ වාතාවරණය තුළ ලොවපුරා බිලියන ගණන් ජනී ජනයා වඩ වඩාත් දුප්පත් වන අතර ඔවුන්ගේ අතට ලැබිය යුතු සම්පත් මේ දූෂිත ගනුදෙනු හේතුවෙන් අහිමිවෙමින් පවතී.

ලොව පුරා මේ දකින ප‍්‍රවණතාව පරාජය කළ හැක්කේ කෙසේද? මෙයට සරල පිළිතුරක් නැත. මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා සමාජයේ සියලූ පුරවැසියනට වගකීමක් ඇත. ඉදිරි පරම්පරාවනටද මේ දූෂිත ප‍්‍රවණතාවයේ ගොදුරු බවට පත්වීමට ඉඩ නොදීම සඳහා අවදියෙන් සිටීම සහ ශක්ති ප‍්‍රමාණයෙන් නැගී සිටීම දැන් සිදුවිය යුතුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment