‘දුස්රා’ කල්කටා යයි

150

ප්‍රවීණ සම්මානිත කැමරා ශිල්පි චන්න දේශප්‍රියගේ දෙවන සිනමා නිර්මාණය ලෙසින් තිර පිටපත ලියමින් අධ්‍යක්ෂණය කල “දුස්රා” සිනමා පටය කල්කටා ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල නියෝජනය කිරීම සඳහා වරම් ලබා ඇත. මෙම සිනමා සම්මාණ උළෙල දෙසැම්බර් 15 සිට 22 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

ජීවිතේ ජීවත් කරවීම සඳහා ගැමි පෙම්වතුන් යුවළක් සරලව මුදල් උපයා ගැනීමේ අරමුණින් දුෂ්කර මාර්ගයක් තෝරා ගැනීම හා එහිදී ඔවුන් මුහුණ දෙන සිදුවීම් පෙළ වටා ගෙතී ඇති “දුස්රා” සිනමා පටයේ රංගනයෙන් තිලක්ෂිණී රත්නායක, ලක්ෂාන් අබේනායක, සජිත ඇන්තනී, ස්ටීව් ඩිලා සිල්වා, ශ්‍යාම් ප්‍රනාන්දු, වසන්ති රන්වල, රුවන් මදනායක, ජයනාත් බෝදාහන්දි, විශාඛා සිරිවර්ධන, රෝහිත් මාන්නගේ, නදීශානි පේලිආරච්චි, තරිඳු කාවිංග ගමගේ ඇතුළු පිරිසක් එක්ව ඇත. සහාය අධ්‍යක්ෂණයෙන් දමින්ද ඩී. මඩවල, කැමරා අධ්‍යක්ෂණයෙන් ධම්මික රත්නායක, සංස්කරණය සහ වර්ණ සංයෝජනයෙන් තිස්ස සුරේන්ද්‍ර, අංග රචනයෙන් සමරසිරි කඳනගේ, කලා අධ්‍යක්ෂණයෙන් ලකී විජේවර්ධන, ශබ්ද පරිපාලනයෙන් සශික රුවන් මාරසිංහ, සංගීත අධ්‍යක්ෂණයෙන් චින්තක ජයකොඩි, ගීත රචනයෙන් අශෝක හඳගම, ගීත ගායනයෙන් නිපුණි සාරධා, සජිත අනුත්තර හා රෝහිත ජයනාත් එක්ව ඇති “දුස්රා” ලක්ෂාන් අබේනායකගේ නිෂ්පාදනයකි.

● ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment