දූෂණ කළ ඇමැතිලා තිදෙනා තාම යහතින් – ඇමරිකානු වාර්තාවක් කියයි

392

දූෂණ ක්‍රියා සිදුකළ ඇමැතිවරුන්ට එරෙහිව ශ්‍රී ලංකා රජය කිසිදු පියවරක් ගෙන නැතැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය අලුත්ම වාර්තාව ප්‍රකාශයට පත්කරමින් කියා ඇත.

එලෙස දූෂණ ක්‍රියා සිදුකළ ඇමැතිවරු තිදෙනකු හඳුන්වා ඇති රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉන් එක් අයකු මහා භාණ්ඩාගාරයට සම්බන්ධ බවද අනාවරණය කර තිබේ.

පිටු 90 කින් යුත් මෙම වාර්තාවෙන් ශ්‍රී ලංකා රජය මානව හිමිකම් උල්ලංඝණය කළ හමුදා නිලධාරීන්ට එරෙහිව මෙතෙක් ක්‍රියාකර නැති බවත් ඔවුන්ට රජයේ මුක්තිය තවමත් හිමිවී ඇති බවත් කියා සිටී.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment