දූෂණ චෝදනා මත සිරගෙට යැවූ හිටපු දකුණු කොරියානු ජනපතිනියට විශේෂ සමාවක්

299

දූෂණ චෝදනා මත දිගුකාලීන සිරදඬුවමක් විඳිමින් සිටින හිටපු දකුණු කොරියානු ජනාධිපතිනි පාර්ක් ගුයෙන් හේ හට විශේෂ සමාවක් ප‍්‍රදානය කිරීමට රජය විසින් තීරණය කර ඇති බව දකුණු කොරියානු අධිකරණ අමාත්‍යාංශය ඊයේ (24දා) නිවේදනය කළේය. ජාතික සමගිය ඇති කරලීමේ අරමුණින් සිරගත කර සිටින හිටපු ජනාධිපතිනියට විශේෂ සමාවක් ප‍්‍රදානය කිරීමට තීරණය කළ බව අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නිවේදනයෙහි දැක්වේ.

ඉකුත් 2017 වසරේ මාර්තු මාසයේ දූෂණ චෝදනා මත වසර 22ක සිරදඬුවමක් නියම කරනු ලැබූ හිටපු ජනපතිනිය මේ වන විට ඉන් වසර පහක කාලයක් ගෙවා දමා ඇත. ඇයගේ පිරිහෙමින් පවතින දුර්වල සෞඛ්‍ය තත්ත්වයද මෙම විශේෂ සමාව ප‍්‍රදානය කිරීමට මුල් වූ බව වත්මන් දකුණු කොරියානු ජනපති මුන් ජේ ඉන් පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment