දූෂණ මඬින පනත ඇමැති විජයදාස පැමිණි පසු – ජනපති කියයි

90

විජයදාස – සබ්රි – ද: අප්‍රිකානු හිටපු ජනපති හමුවෙති

දැනට දකුණු අප්‍රිකාවේ නිල සංචාරයක යෙදී සිටින අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා මෙහි පැමිණි පසු දූෂණ මඬින පනත මෙහි සම්මත කරලීමට අවශ්‍ය මූලික පියවර ගනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අයි. එම්. එෆ්. විසින්ද රාජ්‍ය මූල්‍ය විනය සහ දූෂණ වළකාලීම අවධාරණය කර තිබෙන්නකි.

දූෂණ නිසා ඇතැම් රාජ්‍ය ආයතන කඩාවැටීමට ද ලක්වී තිබෙන අතර අධ්‍යාපනයට වෙන් කරන මුදලට වඩා එම ආයතන නඩත්තුවට වෙන් කිරීමට ද සිදුව ඇතැයි ජනාධිපතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා මාධ්‍ය ප්‍රධානීන් හමුවේදී සඳහන් කළේය.

දකුණු ආසියාවේ හොඳම දූෂණ මඬින පනත මේ අනුව මේ රට තුළ වැඩි කල් නොඉක්මවා බලගැන්වෙනු ඇති බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

මේ අතර දකුණු අප්‍රිකාවේ නිල සංචාරයක යෙදෙන අධිකරණ ඇමැතිවරයා එරට දීර්ඝකාලීන සාමය සංහිඳියාව සෙවීමේ ජාතික වැඩපිළිවෙළ පිළිබඳව ද අධ්‍යයනයක යෙදෙන අතර ඇමැතිවරයා හා විදේශ ඇමැති අලි සබ්රි ප්‍රමුඛ නියෝජිත පිරිස දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ආචාර්ය ඔය්ඉද ඵඉැනස මහතා ද හමුවී සාකච්ඡා පවත්වා තිබේ. එහිදී හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ සාම වැඩපිළිවෙළ ලද අත්දැකීම් ද විමසා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ගෙන යන සංහිඳියා හා සාම වැඩපිළිවෙළට

සහය දීමටත් යුක්තිය පසිඳලීමේ කාර්යක්‍ෂම ක්‍රමයකට සහය ලබා දීමට දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා හා එරට රජය පොරොන්දු වී තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment