දූෂිත දේශපාලන ක්‍රමයක් ඇතිවීමට ප්‍රධාන හේතුව ජනතාවගේ වහල් මානසිකත්වයයි

179

ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ

ජනතාව තුළ පවතින වහල් මානසිකත්වය දූෂිත දේශපාලනය ක්‍රමයක් ඇතිවීමට ප්‍රධාන හේතුවක් යැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ ඉකුත් 17 වැනිදා කොල්ලුපිටිය මෝවින්පික් හෝටලයේ පැවති ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය විසින් සංවිධානය කළ කාන්තා අයිතීන් පිළිබඳව දැනුම හුවමාරුකර ගැනීමේ වැඩමුළුව අමතමිනි.

කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, දේශපාලනයේදී කාන්තාවන්ට මුහුණපාන හිංසනයන් පිටුදැකීම, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව අයිතීන් ආරක්ෂා කිරීම , කාන්තාවන්ට සිදු වන විවිධ හිරිහැර පීඩාවන් සිදු වීම වැළැක්වීම අරමුණු කර ගනිමින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි.

කාන්තා හා මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ කාන්තාව පිළිබඳව කථා කිරීමේදී ඇතැම් ක්ෂේත්‍රයන්ගෙන් ශ්‍රී ලාංකීක කාන්තාවන් ඉදිරියට පැමිණීම පිළිබඳව සතුටු විය හැකි බවයි.

ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බිහිකිරීමේ ගෞරවය ශ්‍රී ලංකාවට හිමි වූ බවත්, අධිකරණ ක්ෂේත්‍රය නීතිපති දෙපාර්තමේන්තුව මෙන්ම වෙනත් උසස් ආයතන පිළිබඳව සළකා බැලීමේදී කාන්තාවන් උසස් තනතුරු දරමින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අපේ පැවති මිනිස් ගතිගුණ පිරිහීම හේතුවෙන් ගෞරවයෙන් ආරක්ෂා කළ යුතු දේ නීතීයෙන් ආරක්ෂා කිරීමට සිදුව ඇති බවත්, නීතිය පිළිබඳව පාසල් ළමුන්ට දැනුම ලබාදීම අරමුණු කර ගනිමින් ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට නීති අධ්‍යාපනය ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය.

නීතිමය වශයෙන් ක්‍රමවේදයන් සකස් කිරීමටත් වඩා ආකල්පමය හා පවතින දේශපාලන ක්‍රමවේදය වෙනස් කළ යුතුව ඇති අතර ඒ සදහා මැතිවරණ හා පක්ෂ දේශපාලන ක්‍රමවේදය වෙනස් කළ යුතුව ඇති බවත්, පවතින දේශපාලන ක්‍රමය නිසාම නිවැරදි වෘත්තිකයන්ට මෙන්ම කාන්තාවන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට හා දේශපාලනයට ක්ෂේත්‍රයට පිවිසීමට නොහැකි වී ඇතැයි ද සදහන් කළේය.

ජනතාව තුළ පවතින වහල් මානසිකත්වය දූෂිත දේශපාලන ක්‍රමයක් බිහිවීමට ප්‍රධාන කරුණක් වී ඇති බව පෙන්වා දුන් අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ යහපත් දේශපාලන සංස්කෘතියක් ඇතිවීම තුළින් හිංසනයෙන්, ප්‍රචණ්ඩත්වයෙන් තොරව කාන්තාවන් ඇතුළු සියලුදෙනාට තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගනිමින් කටයුතු කළ හැකි බවයි.

පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංගමයේ සභාපතීනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපතිනී මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර, භ්එසදබ්ක ෘැපදජර්එසජ ෂබිඑසඑමඑැ ආයතනයේ ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා නියෝජිත තුසිතා පිලපිටිය, යන මහත්මීන් මෙහිදී අදහස් පළ කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණි කවිරත්න මහත්මිය සූම් තාක්ෂණය ඔස්සේ වැඩමුළුව සඳහා එක් විය.

advertistmentadvertistment
advertistmentadvertistment