දූෂිත නිලධාරීන්ට දඬුවම් දෙන්න

128

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු විගණන සේවා කොමිසම යළි පණගැන්වුණ මුත් රාජ්‍ය මුදල් අවභාවිත කරන නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ක්‍රියාත්මක කිරීමට හැකි ලෙස විගණන අධිකරණ ස්ථාපිත කරන ලෙස රජයේ විගණන නිලධාරීහු පවසති.

ප්‍රංශය, ජර්මනිය වැනි රටවල එවැනි අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මක වන බවත් එම ආකෘතියට අනුව මෙරටත් එය ක්‍රියාත්මක කළ හැකි බවත් ඔවුහු පවසති. එසේ නොවන තාක් කල් මෙරට සිදුවන වංචා දූෂණ අක්‍රමිකතා නැවැත්විය නොහැකි වන බව ද ඔව්හු කියත. මෙතෙක් කලක් රජයේ විගණකාධිපති කළ විගණන වාර්තාවලට අනුව රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට තහවුරු වූ කිසිවකුට කිසිම දඬුවමක් ලබා දී නැතැයි ද විගණන නිලධාරීහු කියා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment