දූෂිත පවුල් පාලනය  පලවා හැරීම මිස විසඳුක් නැහැ – විජිත හේරත්

300

දූෂිත පවුල් පාලනය මුළුමනින්ම පලවා හැරීම මිස කුට්ටම එහාට මෙහාට අනා රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (18දා) ‘දිවයින’ ට පැවසීය.

නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීම හිසරදයට කොට්ටය මාරු කිරීම වැනි කටයුත්තක් බව කී විජිත හේරත් මහතා වත්මන් ආණ්ඩුව තවදුරටත් රටේ ජනතාව ගොනාට ඇන්දවීමට උත්සාහ ගනිමින් සිටින බවත් කීවේය.

රටේ ජනතාව මහපාරට බැස ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට තනතුරුවලින් ඉවත් වෙන්න කියද්දි ඔවුන් ඔළුගෙඩි මාරු කරමින් තවදුරටත් ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරමින් ඇතැයි ද, මෙම ආණ්ඩුව කැබිනට් මණ්ඩලය සාදන්නේ මොරටුවේ වඩු කාර්මිකයකු කැබිනට්ටුවක් සාදන්නා සේ යැයි ද කී විජිත හේරත් මහතා, මෙවැනි කටයුතුවලින් රටේ ප්‍රශ්න විසඳිය නොහැකි බව ද කියා සිටියේය.

දූෂිත පවුල් පාලනය මුළුමනින්ම පලවාහැර රටේ ආර්ථිකය ගොඩනැගිය හැකි ජනතාවාදී ආණ්ඩුවක් ඉදිරියේදී  ගොඩනැගිය යුතු බව සඳහන් කළ හෙතෙම ඒ සඳහා එක්වන ලෙස රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment