දෙදරු පියාගේ කාම වෙට්ටුව අධිකරණය හමුවට

2275

දහතුන් හැවිරිදි පාසල් දැරියකගේ ජංගම දුරකථනයට නවීන තාක්ෂණය ඔස්සේ තවත් ජංගම දුරකතනයකින් අසභ්‍ය දර්ශන යවා ඇය මානසික පීඩනයට පත් කළ දෙදරු පියෙකු ලබන 24 වෙනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස ගම්පහ මහෙස්ත‍්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඉකුත් 16 වෙනිදා නියම කළේය.

ගනේමුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු රාගම කැන්දලියද්දපාලූව ප‍්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි දෙදරු පියකු මෙසේ රිමාන්ඞ් භාරයට පත් කෙරිණි.

සැකකරු දැරියගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩ ද යොමුකරමින් වින්දිත දැරියට විවිධ යෝජනා ඉදිරිපත් කරමින් මරණ තර්ජන සිදුකර ඇති බව අගතියට පත් පාර්ශ්වය විසින් පැමිණිලි කර ඇතැයි ගනේමුල්ල පොලිස් ස්ථානයේ නඩු මෙහෙයුම් අංශයේ සැරයන් බාලසූරිය (6247) පැමිණිල්ල මෙහෙයවමින් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබන දැරිය අසභ්‍ය දසුන් දැකීමෙන් මානසික පීඩනයට ලක්වීම මත වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගම්පහ දිස්ත‍්‍රික් මහ රෝහල වෙත ඉදිරිපත් කර ඇති බවටද අධිකරණයේ දී සඳහන් විය. පොලිස් භාරයට ගෙන ඇති සැකකරුගේ ජංගම දුරකථනය තාක්ෂණික කොට්ඨාසය වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගැනීමට කටයුතු කරන බවද පොලිසිය අධිකරණය හමුවේ කීය. විමර්ශනවල ප‍්‍රගතිය ලබන 24 වෙනිදාට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ගනේමුල්ල පොලිසියට නියම කළ අධිකරණය සැකකරුව රිමාන්ඞ් භාරයට පත් කළේය.

මිනුවන්ගොඩ  – ටෝනි කරුණානායක
 

advertistmentadvertistment
advertistmentadvertistment