දෙදරු පියා මරා තිදෙනෙකු රෝහල් ගත කරමින් ගෙම්බෙක් කළ හදියක්

1016

සිය භාර්යාව සමග තම ත්‍රිරෝද රථය පදවමින් සිටියදී එහි රියදුරුගේ ශරීරයට මැඬියෙකු පැනීමෙන් කලබලයට පත්ව ත්‍රීරෝද රථය පෙරලීයාම නිසා එම රියැදුරා මියගොස් ඇති අතර එහි ගමන් ගත් ඔහුගේ භාර්යාව බරපතළ තුවාල සහිතව කොළඔ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ අත්තනගල්ල මීගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි වෘත්තියෙන් විදුලි කාර්මික ශිල්පියෙකු වූ අබේකෝන් මුදියන්සේගේ ජයන්ත පද්මකුමාර (58) නමැති දෙදරු පියෙකි. නිට්ටඹුව කිරිඳිවැල ප්‍රධාන මාර්ගයේ දියගොඩැල්ල ප්‍රදේශයේදී ඉකුත් (21) දා දහවල් 11.30 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

මෙම අනතුර සිදුවීමත් සමග එම ත්‍රීරෝද රථයට පිටුපසින් පැමිණි යතුරු පැදි දෙකක්ද ත්‍රීරෝද රථයේ ගැටී අනතුරට ලක්ව ඇති අතර ඉන් තුවාල ලැබූ තරුණයින් දෙදෙනෙකුද රෝහල් ගතකර ඇත. කිරිඳිවැල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මිලන්ත ද සිල්වා, රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුදේශ් ඇතුළු නිලධාරීන් මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදුකරයි.

බියගම – සුදත් පුබුදු කීර්ති දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. එම්. විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment