දෙදෙනකුට ඇණ ගැසූ කපුවා ඇතුළු තිදෙනා අත්අඩංගුවට

607
දෙදෙනකුට ඇණ ගැසූ කපුවා ඇතුළු තිදෙනා අත්අඩංගුවට

මහනුවර අම්පිටිය ප‍්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට අමානුෂික ලෙස පහරදී කුරුසියේ තබා පරාල ඇණ ගැසීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු බව කියන දුෂ්මන්ත සුජිත් කුමාර ප‍්‍රනාන්දු නමැති කපුවා ඇතුළු තිදෙනකු බලගොල්ල පොලිසිය මගින් ඊයේ (01 වැනිදා* සවස අත්අඩංගුවට ගෙන ඇත.

 මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරු බව කියන කපුවා නීතිඥවරුන් දෙදෙනකුගේ මාර්ගයෙන් ඊයේ සවස 2.30 ට පමණ බලගොල්ල පොලිසිය වෙත භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගන්නා ලදී. මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ ධනුෂ්ක ප‍්‍රසන්න සහ නුවන් පි‍්‍රයංකර බණ්ඩාර නොහොත් ‘බූලා’ නමැති සැකකරුවන් දෙදෙනා බලගොල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ පෙරවරුවේදීය.

 අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවා තබාගැනීමේ නියෝග මත තබාගෙන ප‍්‍රශ්න කිරීම සඳහා අධිකරණයේ අවසරය ලබාගැනීමට නියමිතය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් තිදෙනා මහනුවර විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය වෙත රැුගෙන ගොස් තිබිණි. පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ සැකකාර කපුවා ප‍්‍රකාශ කර ඇත්තේ පරාල ඇණ ගැසීමට ලක්වූ පුද්ගලයන් දෙදෙනා සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ තමන්ට අපහාස කළ බවත් ඔවුන් තමන් ඝාතනය කිරීම සඳහා ද සැලසුම් සකස් කරගෙන සිට ඇති බවත්ය.

 එහෙත් පොලිසිය පවසන්නේ මෙම සිද්ධිය පිටුපස විශාල අභිරහසක් පවතින බවත් ඉදිරියේදී ඒ සියල්ල හෙළිකර ගැනීමට හැකි වන බවත්ය. සැකකාර කපුවා ඇතුළු 12 දෙනකුගෙන් සමන්විත පිරිසක් පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් මහනුවර අම්පිටිය ප‍්‍රදේශයේ සැකකරුට අයත් දේවාලයක් ආසන්නයේදී ඔවුන්ට අමානුෂික ලෙස පහරදී කෲර වධහිංසා පමුණුවා කුරුසියේ තබා පරාල ඇණ ගසා තිබිණි. මෙම පුද්ගලයන් දෙදෙනා ඝාතනය කිරීම සඳහා කපුවා ඇතුළු පිරිස සැලසුම් කර සිට ඇති අතර මහනුවර පොලිසියේ කණ්ඩායමක් ගොස් ඔවුන් දෙදෙනා බේරාගෙන තිබිණි. සිද්ධියෙන් පසු කපුවා ඇතුළු පිරිස ප‍්‍රදේශය අතහැර

 පලාගොස් සිටි අතර දින 6 කට පසු ඔහු මෙසේ පොලිසිය වෙත භාරවී තිබිණි. මේ වනවිට මෙම සිද්ධියට සම්බන්ධ සියලූ සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිටින බව පොලිසිය පවසයි.

 මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිලන්ත ජයවර්ධන, නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කි‍්‍රශාන්ත රත්නායක, සහකාර පොලිස් අධිකාරි කමල් ආරියවංශ යන මහත්වරුන්ගේ උපදෙස් මත මහනුවර සහ බලගොල්ල පොලිස් ස්ථාන විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු, සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment