දෙපා සවියෙන් ලොවක් වර්ණවත් කරන ෆිෆා

409

ලෝකයේ වැඩි ම ජනගහනයක් සජීවීව හා රූපවාහිනිය මාර්ගයෙන් එකවිට නරඹන ජනප්‍රියම ක්‍රීඩාව වන්නේ .’FIFA ලෝක කුසලාන පාපන්දු” තරගය යි. සොකර් (Soccer) ෆුට්බෝල් (Foot Ball) යන නම්වලින් ද හඳුන්වනු ලබන එම ලෝක කුසලාන පාපන්දු තරගය සංවිධානය කිරීමේ වගකීම භාරව ඇත්තේ “පාපන්දු ක්‍රීඩා ජාත්‍යන්තර සම්මේලනය” වන .’FIFA. ටය.

(Federation Internationale de Foot ball Association – ‘FIFA ප්‍රංශ භාෂාවෙනි.) මෙය Inrernational Federation of Association Foot ball – ‘FIFA යන ඉංග්‍රීසි නමින්ද හැඳින්වේ.

22 වැනි වරට මෙවර පැවැත්වෙන ‘2022 ‘FIFA ලෝක කුසලානය” සඳහා සත්කාරකත්වය දරනුයේ කටාර් රාජ්‍යයයි. තරගාවලියේ සමාරම්භක දිනය අද (20 වැනිදා) ට යෙදී ඇත. අරාබි ලෝකයේදී පළමුවරට පැවැත්වෙන මෙම ලෝක කුසලාන තරගාවලියට ලොව රටවල් 32ක් නියෝජනය කරමින් කණ්ඩායම් 32ක් අද දින සිට දෙසැම්බර් මස 18 වැනි දින දක්වා තරගව දී.

අද ප්‍රථම තරගය Al Bayt ක්‍රීඩාංගණයේදී පටන් ගන්නා අතර එයට සහභාගි වන්නේ සත්කාරක කටාර් ක්‍රීඩා කණ්ඩායම හා ඉක්වදෝරේ ක්‍රීඩා කණ්ඩායමයි. අවසන් මහා තරගය 2022 දෙසැම්බර් 18 වැනි දින Lusail ක්‍රීඩාංගණයේදී 18.00 පැයට ආරම්භ වේ. මේ දිනය කටාර් හි ජාතික දිනය වේ. කටාර් මෙතෙක් ‘FIFA කුසලාන තරගාවලිය පිරිනමා ඇති කුඩා ම රට වේ. මෙම තරගාවලියට ඔවුන් ක්‍රීඩාංගණ 8ක් යොදාගෙන ඇති අතර ඉන් 6ක්ම පිහිටා ඇත්තේ දෝහා අග

නගරයේය. කටාර් උෂ්ණාධික රටක් බැවින් ක්‍රීඩාංගණ ඇතුළත උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් 200 දක්වා අඩුකිරීමේ ක්‍රමයට සිසිලස පද්ධති මේ සෑම ක්‍රීඩාංගණයකම සවිකර ඇත. මෙම ක්‍රීඩාංගණවල ඉහළ ස්ථර සහ ආසන ලෝක කුසලානයෙන් පසුව අයින්කර අඩු සංවර්ධිත ක්‍රීඩා යටිතල පහසුකම් නොමැති රටවලට පරිත්‍යාග කිරීමට කටාර් රාජ්‍යය අදහස් කරගෙනද ඇත. ‘FIFA තරඟයක් පැවැත්වීමේදී තම රට තුළ විශාල ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවකට වාඩිවී තරග නැරඹීම සඳහා නවීනතම පහසුකම් සහිත ක්‍රීඩාංගණ නිර්මාණය කිරීමට ඒ සත්කාරක රටට සිදුවේ. කටාර් රාජ්‍යය ඉතාමත් නවීනතම පහසුකම් සහිත ක්‍රීඩාංගණ 8ක් ‘FIFA තරගාවලිය සඳහා ඉදිකිරීමට පටන් ගත්තේ 2009 වර්ෂයේ දී ඔවුන්ට ‘FIFA කුසලාන පාපන්දු තරග පැවැත්වීමට ‘FIFA බලධාරීන් අනුමැතිය දීමට පටන්ගත් දින සිට ය.

දෙපා සවියෙන් ලොවක් වර්ණවත් කරන ෆිෆා
පාපන්දු ලෝක කුසලානය වර්ණවත් කරන ක්‍රීඩංගණ

තරගාවලිය සඳහා යොදා ගන්නා ක්‍රීඩාංගණ සහ ඒ හා සම්බන්ධ රසවත් තොරතුරු කිහිපයක් මෙසේය.

● අල් බයිට් ක්‍රීඩාංගණය
AL Bayt Stadium

මෙම ක්‍රීඩාංගණය දෝහා නගරයේ සිට කි. මී. 35 ක් පමණ දුරින් අල්කෝර්හි මුහුදුබඩ ප්‍රදේශයේ පිහිටා ඇත. ‘FIFA ලෝක කුසලාන සමාරම්භක උත්සවය 2022 නොවැම්බර් 20 වැනි දින සවස 4 ට මෙම ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. එහිදී ඉන්දීය – කැනේඩියානු නිළි නෝරා පතේහි (Nora Fatehi) තරගාවලියේ නිල ගීතය වන “Light The Sky.. ගීතය ගායනා කරනු ඇත. Hip – Hop කලාකරුවන්, Black Eyedpeas” K – PoP තරු BTS සහ කොළොම්බියා ගායිකා “ෂකිරා” යන අය මෙහිදී නර්තන සහ ගීත ඉදිරිපත් කරනු ඇත.

60,000ක ප්‍රේක්ෂකයින්ට ආසන සකස්කර ඇති මෙහි වාස්තු විද්‍යාත්මක පිටත සැලසුම කටාර් කලාපයේ සංචාරක ජනයාගේ සම්ප්‍රදායික කූඩාරම්වල අභ්‍යාස ලබා ඇත. සියලුම ප්‍රේක්ෂකයින් සඳහා ආවරණය කරන ලද ආසන පහසුකම් ලබාදේ. ක්‍රීඩාංගණයට Led විදුලි ආලෝකය ලබාදෙන අතර එයට සූර්ය පැනල පද්ධතියක් මගින් විදුලිය සපයයි. ක්‍රීඩාංගණයට සුඛෝපභෝගී හෝටල් සමූහයක් සහ පාපන්දු පිටියේ තරග නැරඹීමට බැල්කනි දර්ශන සහිත කාමරද ඇතුළත් වේ. අල් බයිට් ක්‍රීඩාංගණය 2022 ‘FIFA ලෝක කුසලාන සඳහා පරිවර්තනය කරන ලද ක්‍රීඩාංගණ 7න් එකකි.

ක්‍රීඩාංගණය නිර්මාණය කරන ලද්දේ ඩා අල් – හන්ඩාෂ් (Dar Al – Handash) සමාගම විසිනි. ලෝක කුසලානයෙන් පසුව මෙය ආසන 32,000ක

ක්‍රීඩාංගණයක් බවට පරිවර්තනය කරන අතර අතිරික්ත ආසන සහ ඉහළ ස්ථරයන් වෙනත් රටවලට පරිත්‍යා කිරීමට අදහස් කර ඇත. හිස්වූ ඉඩ ඉන් පසුව තරු පහේ හෝටලයක්, සාප්පු සංකීර්ණයක් සහ වෙනත් ක්‍රීඩා සඳහා පහසුකම් ලබාදීමට තීරණය කර ඇත. මෙම ක්‍රීඩාංගණයේ කූඩාරම් වැනි ඉහළ ව්‍යුහයේ නැවතුම් සතරක් ඇති අතර එහි එක් එක් බාහිර බිත්ති සහ උස් වහලවල් පොලිටෙට්‍රාෆ්ලෝරෝ එතිලින් (PTFE) වියන ලද ෆයිබර් ග්ලාස් පටලයකින් ආවාරණය කර ඇත. PTFE පටලයේ බාහිර කොටස සංක්‍රමණිකයන්ගේ කූඩාරම් ලෙස පෙනෙන ආකාරයෙන් සම්ප්‍රදායික කළු – සුදු සහ රතු වර්ණයෙන් වර්ණ ගන්වා ඇත. ආපසු ඇදගත හැකි වහලක් ක්‍රීඩාංගණයට සවිකර ඇත. මෙම ක්‍රීඩාංගණය 2021 නොවැම්බර් 30 වැනි දින FIFA Arab cup 2021 සඳහා විවෘත කරන ලදී. අල් බයිට් ක්‍රීඩාංගණය ‘FIFA තරග 9ක් සඳහා සත්කාරකත්වය සපයයි.

● අල් – ජනුබ් ක්‍රීඩාංගණය
AL – Janoub stadium

කටාර්හි අල් වක්රා හි පිහිටා ඇති මෙහි මුල් නම වූයේ අල්වක්රා ක්‍රීඩාංගණය වන අතර එය නවීකරණය කර මෙය නැවත ගොඩනඟා ඇත්තේ ‘FIFA තරගාවලිය සඳහා ය. ප්‍රේක්ෂක ධාරිතාව 40,000කි. ගෘහ නිර්මාණ ශිල්පියා වූයේ ෂහා හඩිඩ් ය. (Zaha Hadid) ක්‍රීඩාංගණය පශ්චාත් නූතනවාදී සහ නව අනාගතවාදී මෝස්තරයකින් සමන්විතය. වහලයේ පෙනුමට පර්සියානු බොක්කේ මුතු කිමිදුම්කරුවන් විසින් භාවිත කරන ලද සාම්ප්‍රදායික ඩෝ බෝට්ටුවල ඇති රුවල්වල අභාසය ලබාදී ඇත. වක්‍ර රේඛීය වහලක සහ පිටත අල් වක්‍රාගේ මුහුදු ගමනේ ඉතිහාසය කියා දෙයි. ඊට අමතරව නරඹන්නන්ට නැවක සිටින හැඟීම ලබාදෙයි. එහි නැමුණු බාල්ක නැව් බඳකට සමාන වහලය රඳවාගෙන සිටී. ක්‍රීඩාංගණයේ වහල ආපසු ඇදගත හැකි අතර එය පොලිටෙට්‍රාෆ් ලෝරෝඑතිලින් (PTFE) රෙදි සහ කේබල්වලින් සාදා ඇති අතර වහලේ ආරුක්කු මීටර් 230ක් දිගය. ක්‍රීඩාංගණය ඇතුළත ප්‍රේක්ෂක ප්‍රදේශ සෙන්ටිග්‍රේට් 180 දක්වා සහ ක්‍රීඩා පිටිය සෙන්ටිග්‍රේට් 200 දක්වා සිසිල් කිරීමට සමත්ය. ක්‍රීඩා සංකීර්ණයට බහුකාර්ය කාමර, පිහිනුම් තටාක, ස්පා සහ හරිත වහල සහිත සාප්පු මධ්‍යස්ථානයක් ඇතුළත් වේ. මෙම ක්‍රීඩාංගණය ආශ්‍රිතව පාසලක්, උත්සව ශාලාවක්, බයිසිකල් පැදීමේ කොටසක්, අශ්වයින් පැදීම සහ ධාවන පථ, ආපන ශාලා, වෙළෙඳ පොළවල් සහ ව්‍යායාම මධ්‍යස්ථාන පිහිටා ඇත. ‘FIFA තරගාවලියෙන් පසුව මෙම ක්‍රීඩාංගණයේ ආසන 20,000ක් දක්වා අඩු කරන අතර ඉතිරි ආසනවලින් අඩක් ක්‍රීඩා යටිතල පහසුකම් අවශ්‍ය සංවර්ධනය වෙමින් පවතින රටවලට පරිත්‍යාග කරනු ඇත. ‘FIFA තරග හතකට මෙම ක්‍රීඩාංගණය සත්කාරකත්වය ලබා දෙයි.

● අල් තුමාමා ක්‍රීඩාංගණය
AL – Thumama Stadium

මෙය කටාර්හි අල්තුමාමා ප්‍රදේශයේ හමාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල පිහිටා ඇත. කටාර්හි Al Jaber Engineering සහ තුර්කියේ Tekfen Construction අතර හවුල් ව්‍යාපාරය මෙය ඉදිකරන ලදී. අරාබි ඉංජිනේරු කාර්යාංශයේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී ඊබ්‍රාහිම් ජායිඩා විසින් සැලසුම් කර ඇති මෙය මැදපෙරදිග පුරා සිටින පිරිමින් සහ පිරිමි ළමයින් විසින් පැළඳ සිටින සාම්ප්‍රදායික ‘ටකියා තොප්පියේ’ ආභාසය ලබා ඇත. වර්ග අඩි 540000ක පොදු උද්‍යානයක් ක්‍රීඩාංගණ වටා ඉදිකර ඇත. මෙම ක්‍රීඩාංගණය ‘FIFA තරග අටකට සත්කාරකත්වය ලබාදෙන අතර ප්‍රේක්ෂකයින් 40,000කට පහසුකම් ලබාදෙනු ඇත.

● අහමඩ් බින් අලි ක්‍රීඩාංගණය
Ahmad Bin Ali stadium

‘FIFA තරග හතක් සඳහා සත්කාරකත්වය ලබාදෙන මෙම ක්‍රීඩාංගණය කටාර්හි ඌම් අල් අෆායී අල් රයාන් හි පිහිටා ඇත. මෙහි ප්‍රේක්ෂකයින් 44740 කට පහසුකම් ලබාදෙයි. 2003 දී සාදන ලද පැරණි ක්‍රීඩාංගණය කඩා 2016 සිට 2020 දක්වා ගොඩ නඟන ලද මෙය 2020 දෙසැම්බර් 18 වැනි දින විවෘත කරන ලදී. අහමඩ් බින් අලි ක්‍රීඩාංගණය “අල් – රයාන් ක්‍රීඩංගණය’ ලෙස ද ප්‍රචලිතය. බහුකාර්ය ක්‍රීඩාංගණයක් වන මෙය කටාර්හි Al – Rayyan ක්‍රීඩා සමාජයේ සහ AL – kharitiyath ක්‍රීඩා සමාජයේ නිවහන වේ. 1960 සිට 1972 දක්වා කටාර්හි එමීර්වරයාවූ ‘අහමඩ් බින් අල් තානි’ගේ නමින් මෙය නම්කර ඇත. AL -Balagh සහ Larsen & Toubro හවුල් ව්‍යාපාරය මෙය ඉදිකරන ලදී. ක්‍රීඩාංගණය නිර්මාණය කරන ලද්දේ Patten Design ආයතනය විසිනි. ලෝක කුසලානයේ පසුව මෙහි ආසන ධාරිතාව 21000 දක්වා අඩු කෙරේ.

● ක්‍රීඩාංගණය 974
Stadium 974

දෙපා සවියෙන් ලොවක් වර්ණවත් කරන ෆිෆා

මෙම ක්‍රීඩාංගණය පිහිටා ඇත්තේ කටාර්හි රස් අබ්‍ර අබාවුඩ් ප්‍රදේශයේය. කලින් “රස් අබ්‍ර අබාවුඩ් ක්‍රීඩාංගණය” ලෙස නම් කර තිබූ මෙය ‘FIFA තරග සඳහා ප්‍රතිසංස්කරණය කර නැවත ගොඩනඟා Stadium 974 (ක්‍රීඩාංගණය 974) යනුවෙන් නම්කර ඇත්තේ 2021 නොවැම්බර් 20 වැනි දින නිල වශයෙන් ක්‍රීඩාංගණය විවෘත කිරීමේ උත්සවයේදීය. 2022 ‘FIFA තරග හතකට සත්කාරකත්වය ලබාදෙන මෙම ක්‍රීඩාංගණයේ නිර්මාණ ශිල්පියා වූයේ ෆෙන්වික් ඉරිබරේන්ය. ක්‍රීඩාංගණය ඉදිකරන ලද්දේ HBK සහ DCB- QA සමාගම්ය. මෙම ක්‍රීඩාංගණය ‘FIFA ලෝක කුසලාන තරග ඉතිහාසයට එක්වන ප්‍රථම තාවකාලික ක්‍රීඩාංගණයකි. ක්‍රීඩාංගණය සවිමත් වානේ රාමුවක් තුළ ප්‍රතිචක්‍රීයකරණය කරන ලද, නැව් ගත කරන බහලුම් (Shipping Containers) 974ක් උපයෝගි කරගෙන සාදන ලද තාවකාලික ක්‍රීඩාංගණයකි. කන්ටේනර්ස් 974 කින් සාදා ඇති නිසා මෙය ‘ක්‍රීඩාංගණය 974” යනුවෙන් නම් කර ඇත. මෙය තුළ ප්‍රේක්ෂකයින් 40,000කට ක්‍රීඩා තරග නැරඹීමට පහසුකම් සලසා ඇති අතර ක්‍රීඩාංගණය ඉක්මනින් එකලස් කිරීමටත් ගලවා අයින් කිරීමටත් හැකි ලෙස සකසා ඇත. ක්‍රීඩාංගණය දෝහා නගරයට ගිනිකොණ දෙසින් වර්ග මීටර් 450000ක (වර්ග අඩි මිලියන 4.8) ජල ප්‍රදේශයක් ආශ්‍රිතව පිහිටා ඇති නිසා ප්‍රේක්ෂකයින්ගේ රථවාහනවලට අමතරව ජලජ යාත්‍රා මගින් ක්‍රීඩාංගණයට පිවිසීමට හැකිවන පරිදි බෝට්ටු අංගණ වලින්ද සමන්විතය.

ක්‍රීඩාංගණය නිර්මාණය කර ඇති බහලුම් තුළ නාන කාමර, ක්‍රීඩා පුහුණුවීමේ විශාල කාමර, විවේක කාමර, බෝජනශාලා ආදී පහසුකම් සපයා ඇත.

‘FIFA ලෝක කුසලාන තරග 7කට දායකත්වය සපයන මෙම ක්‍රීඩාංගණය තරගාවලිය අවසානයේදී ගලවා ඉවත් කරනු ලැබේ.

● කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩංගණය
Khalifa International Stadium

කටාර්හි අගනගරය වන දෝහා හි පිහිටුවා ඇති මෙය “ජාතික ක්‍රීඩාංගණය” ලෙස ද හැඳින්වේ. එය දෝහා නගර සංකීර්ණයේ කොටසක් වන අතර එයට Aspire ඇකඩමිය (Aspire Academy for Sports) විශාල පිහිනුම් තටාක සංකීර්ණයක් ඇස්ෆයර් ටවර් නම් මීටර් 300 උස හෝටල් සංකීර්ණයක් ද අයත්ය. මෙම ක්‍රීඩා සංකීර්ණය හිටපු එමීර්වරයා වූ ‘කලීෆා බින් හමාඩි අල්තානි’ ගේ නමින් නම්කර ඇත. 2011 AFC ආසියානු කුසලානයේ අවසන් මහා තරග පැවැත්වූයේ මෙම ක්‍රීඩාංගණයේදීය. 2017 දී එයට තරු හතරේ ශ්‍රේණිගත කිරීමක් ද ලැබිණි. Global Sustainability Assessment system (GSAS) මගින් මෙම ශ්‍රේණිගත කිරීම ප්‍රධානය කරන ලද ලොව පළමුවැනි ක්‍රීඩාංගණය මෙයයි. ක්‍රීඩා සංකීර්ණයේ සේවකයින් 30,000 ක් පමණ සේවය කරයි. 1976 දී විවෘත වුණ මෙම
ක්‍රීඩාංගණය 2006 ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් මුලින් ආසන ධාරිතාව වූ 20,000 සිට 45416 දක්වා වැඩි කරන ලදී. ක්‍රීඩාංගණයේ බටහිර පැත්ත වහලකින් ආවරණය කර ඇත. නැඟෙනහිර පැත්තේ ඇති විශාල ආරුක්කුව 2006 ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේ ගිනි කෙළි සංදර්ශන පැවැත්වූ වේදිකාවකි. මෙය කටාර් ජාතික පාපන්දු කණ්ඩායමේ ගෘහස්ථ ක්‍රීඩාංගණයයි. 2019 දී ලෝක මලල ක්‍රීඩා තරගාවලිය මෙහි පවත්වා ඇත. 2017 දී ප්‍රතිසංස්කරණය කරන ලද මෙහි නිර්මාණ ශිල්පියා වනුයේ ඩාර් අල් – හන්ඩෂා කොන්ත්‍රාත් සමාගමයි. මෙම ක්‍රීඩාංගණයේ 2022 ‘FIFA ලෝක කුසලාන තරග අටක් පැවැත්වේ.

● අධ්‍යාපන නගර ක්‍රීඩාංගණය
Education City Stadium

දෙපා සවියෙන් ලොවක් වර්ණවත් කරන ෆිෆා

‘FIFA ලෝක කුසලාන තරග අටක් පැවැත්වෙන මෙම ක්‍රීඩාංගණය කටාර්හි අල් රේයාන් හි පිහිටා ඇත. මෙහි ප්‍රේක්ෂකයින් 45350 කට ආසන පනවා ඇත. මෙහි නිර්මාණ ශිල්පීන් වනුයේ Fenwick lribarren ය.

ක්‍රීඩාංගණය වටා වර්ග කි. මී. 12 ක වපසරියක ජාත්‍යන්තර විශ්වවිද්‍යාල 8ක් පිහිටා ඇත. රටවල් 50ක සිසුන් මෙහි අධ්‍යාපනය ලබන අතර ඇමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය යන රටවල විශ්වවිද්‍යාලවල අනුබද්ධ ශාඛා ස්ථානගත කර ඇත. කටාර්හි ජාතික පුස්තකාලය ද පිහිටා ඇත්තේ මේ බිම් කොටසකය. මෙම ක්‍රීඩාංගණය ‘ඩයමන්ඩ් ඉන්ද ඩෙසර්ට්’ (Diamond in the Desert – කාන්තාරයේ දියමන්තිය) යන අන්වර්ත නාමයෙන්ද හඳුන්වයි. මෙහි ගොඩනැඟිලි ද්‍රව්‍ය හරිත ලෙස හඳුනාගෙන ඇත.

ක්‍රීඩාංගණය ලෝකයේ වඩාත්ම පාරිසරික වශයෙන් උසස්ම ක්‍රීඩාංගණයකි. මෙම ක්‍රීඩාංගණයෙහි මුහුණතෙහි සංකීර්ණ දියමන්ති වැනි ජ්‍යාමිතික රටා සෑදෙන ත්‍රිකෝණවලින් සමන්විත වන අතර ඒවා අහස හරහා හිරුගේ චලනය සමග වර්ණය වෙනස් කරයි. ඨී්ී ශ්‍රේණිගත කිරීම් මගින් මෙයට තරු පහක් හිමිව ඇත.

● ලුසායිල් අයිකොනික් ක්‍රීඩාංගණය
Lu sauil Iconic Stadium

මෙම ක්‍රීඩාංගණයේ සැලසුම ‘ෆැනර් පහන් කූඩුවේ ලක්ෂණය වන අතර ආලෝකයේ සහ සෙවනැල්ලේ අභ්‍යාස ලබා ඇත. ලුසාහිල්හි හැඩය සහ මුහුණත අරාබි සහ ඉස්ලාමීය ලෝකයේ කලාවේ හා ශිල්පයේ ස්වර්ණමය යුගයේ ලක්ෂණයක් වන පාත්‍ර සහ අනෙකුත් යාත්‍රා වල සංකීර්ණ අලංකාර මෝස්තර ප්‍රතිරාව කරයි. ක්‍රීඩාංගණය 2022 ‘FIFA ලෝක කුසලානයේ අවසන් මහා තරගය ඇතුළු තරග දහයකට සත්කාරකත්වය ලබාදෙයි. කටාර්හි දෝහා අගනගරයේ සිට කී. මී. 23ක් උතුරින් පිහිටා ඇති මෙය එක්වර ප්‍රේක්ෂකයින් 80,000කට තරග නැරඹීමට හැකි පහසුකම් සපයා ඇති දැවැන්ත ක්‍රීඩාංගණයකි. ලුසායිල් ක්‍රීඩාංගණය 2022 සැප්තැම්බර් 9 වැනි දින Lusail Super Cup තරගයෙන් ආරම්භ කරන ලදී. HBK කොන්ත්‍රාත් සහ China Railway Construction Corporation) විසින් ඒකාබද්ධ ව්‍යාපාරයක් වශයෙන් ඉදිකරන ලද මෙහි නිර්මාණ සැලසුම බ්‍රිතාන්‍යයේ Foster – Partners විසිනි. 2022 ලෝක කුසලානය සඳහා සැලසුම් කර ඇති අනෙක් ක්‍රීඩාංගණ මෙන්ම මේ ලුසායිල් ක්‍රීඩාංගණයත් සූර්ය බලයෙන් සිසිල් කරනු ලබන අතර කාබන් ශූන්‍ය කාබන්වලින් සමන්විතය. ලෝක කුසලානයෙන් පසුව එය ආසන 40000ක ක්‍රීඩාංගණයක් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට අපේක්ෂා කරයි. අතිරික්ත ආසන ඉවත්කර ගොඩනැඟිල්ලේ අනිකුත් කොටස් සාප්පු, කැෆේ, මලල ක්‍රීඩා සහ අනෙකුත් අධ්‍යාපන පහසුකම් සහ සෞඛ්‍ය සායනයක් සහිත ප්‍රජා අවශ්‍යතා සඳහා ප්‍රතිනිර්මාණය කරනු ඇත. මෙම ක්‍රීඩාංගණයට ද GSAS විසින් 2022 අගෝස්තු 16 වැනි දින තරුපහේ ශ්‍රේණිගත කිරීමක් ලබාදී ඇත.

රුවන් තරස්වින්
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment