දෙමටගොඩ චමින්දගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට

265

මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ චමින්දගේ ප්‍රධාන ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි.මොහු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සිරිනායක පතිරණගේ චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද යන අයගේ පුත්‍රයා වන මලීෂ යන අයගේ මෙහෙයවීම මත මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බවට තොරතුරු අනාවරණය වී ඇත.එහිදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 25 ක් අඩංගු පැකට් 400 ක් සොයාගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment