දෙමටගොඩ රුවන්ගේ් රුපියල් කෝටි 3ක පමණ ඉඩමක ඔප්පුවක් හමුවේ

378

මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දෙමටගොඩ රුවන් නැමැත්තාට අයත් වටිනා ඉඩමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන ඇත.
දෙමටගොඩ වේළුවන ප්‍රදේශයේ පිහිටි මෙම ඉඩමේ පිහිනුම් තටාකයක් ද ඇති බවත් එම ඉඩමේ වටිනාකම රුපියල් කෝටි 3ක් පමණ වන බවත් අනාවරණ වී ඇත.
ඒ අනුව එම ඉඩමට අදාළ ඔප්පුව දෙමටගොඩ පෞද්ගලික බැංකුවක සේප්පුවක ආරක්ෂිතව තිබීයදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.
දෙමටගොඩ රුවන් නැමැත්තා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment