දෙමටගොඩ රුවන්ගේ කෝටි 79 ක දේපළ රාජසන්තක කරයි  

1032

පාතාල කල්ලි නායකයකු බව කියන දෙමටගොඩ චමින්දගේ වැඩිමහල් සොහොයුරා වන දෙමටගොඩ රුවන් නමැත්තාට අයත් රුපියල් කෝටි 79ක දේපළ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් රාජසන්තක කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් බව කියන මෙම දේපොළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙහිදී රාජසන්තක කළ දේපොළ අතර රුපියල් කෝටි 9ක් වටිනා අධි සුඛෝපභෝගී මෝටර් රථයක්, කෝටි 16ක් වටිනා ඉඩම් 3ක්, රුපියල් කෝටි 2ක් වටිනා රත්ත‍්‍රං කිලෝ එකහාමරක්, රුපියල් කෝටි නවයක ස්ථාවර තැන්පතු ඇතුළු තවත් දේපොළ ඇති බව පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් විශාල දේපොළ තොගයක් රාජසන්තක කළ මුල්ම අවස්ථාව මෙය බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

මේ අතර දෙමටගොඩ රුවන්ට අයත් බව කියන සංචාරක හෝටල් කීපයක් ඇතුළු තවත් දේපොළ රැසක් රාජසන්තක කරීමට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

දෙමටගොඩ රුවන් නමැත්තා 2017 වර්ෂයේ සිට මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බව විමර්ශණ වලින් හෙළිවී ඇත. දෙමටගොඩ රුවන්ගේ බාල සොහොයුරා වන දෙමටගොඩ චමින්ද භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරු වී මරණ ද`ඩුවම නියමවී සිටියි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment