දෙමව්පියනි..! මේ වගකීම ඔබගේ ය… (මල් වගේ දරුවන්ගේ අනාගතය)

414

ගුරුවරයකු යැයි කියාගත් ‘‘අණ්ඩ සොකට්” කාලකණ්ණියකු විසින් 17 වියැති දැරිවියක රවටා කාර් රථයකින් ගම්පහ සිට කොළඹට රැුගෙන ගොස්, කෝට්ටේ කිඹුලාවල කාර් පාර්ක් එකේ වාහනය නවතා, ඒ තුළදීම දැරිවිය අපයෝජනයට ලක්කරමින් සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ප‍්‍රවෘත්තියක් ඊයේ (27දා) පුවත්පත් වාර්තා කර තිබිණි. (ශරීර අංගෝපාංග යොදාගෙන යම් අයකුට අපහාසයෙන් කතා කිරීම අපට පුරුදු දෙයක් නොවුණත්, මෙවන් අපතයින්ට එවන් වදන් භාවිත නොකර බැරිය.)
 
 අයි ටී ගුරුවරයකු යැයි කියන, කකුලක් නැති, බොරු කකුලක් පළඳින මේ කාලකණ්ණියා තමන්ගෙන් සිප් සතර හදාරන ඉහත දැරිවියට පොත් පත් අරන් දෙන මුවාවෙන් මෙසේ රවටා කොළඹට රැුගෙන විත් අපයෝජනය කරන අතරතුර අත්අඩංගුවට පත්වන්නේ ඇෙඟ් නූල් පටක්වත් නැතිව සිටිද්දීය. ඒ වනවිටත් මේ කාලකණ්ණියා විසින් දැරිවියගේද ඇඳුම් උනා දමා තිබූ බව කියනු ලැබේ. මෙම සිද්ධිය අසල මාර්ගයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට පවසා ඇත්තේ සිද්ධිය දුටු ත‍්‍රිරෝද රථ රියැදුරකු විසිනි. එම පුද්ගලයා නොවන්නට දැරියට කුමකින් කුමක් වේදැයි කිසිවකුටත් කිව නොහැක.
 
 කෙසේ හෝ අත්අඩංගුවට පත් මේ අපත ගුරා අධිකරණයට ඉදිරිපත් කර දැන් ඉන්නේ රිමාන්ඞ් බන්ධනාගාරගතවය. දැරියගේ මවද අංශභාග
 
 රෝගියෙකි. දරුවන් යන එන තැන් සොයා බලන්නට තරම් ඇයට හැකියාවක් නැති බවද කියයි.
 
 මෙම සිද්ධිය වාර්තාවන්නේ රිෂාඞ් බදියුදීන් නමැති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාගේ නිවසේදී වතුකරයේ දැරියක අපයෝජනය කර ගිනි ගෙන මරණයට පත්වී තද බල ජන කැකෑරීමක් සමාජයේ ඇතිව තිබෙන මොහොතකය. එසේම, මියගිය ඉෂාලිනි දැරිවිය පමණක් නොව, තවත් දැරිවියන් කිහිප දෙනකුම රිෂාඞ් ගේ නිවසේදී අපයෝජනයට ලක්වී ඇති බවත්, දැරිවියන් 11 දෙනකු පමණ මේ නිවස හරහා මෙහෙකාරකමට හුවමාරු වී ඇති බවට තොරතුරු ලැබෙන පසුබිමකය.
 
 එසේම, තම පියවරුන් ඇතුළු කාමතුරයින් විසින් දූෂණයට ලක්වූ දැරිවියන් කිහිප දෙනකු පිළිබඳවම රටේ විවිධ ප‍්‍රදේශවලින් වාර්තා ලැබෙන මොහොතකය. නැතහොත් චීවරධාරීන්, දොස්තරවරුන්, මැණික් මුදලාලිලා, දේශපාලකයන්, විවිධ වෘත්තිකයන් යනාදී සිය ගණනක් අතින් ගල්කිස්සේ 15 වියැති දැරියක අන්තර්ජාලයේ දමාගෙන අපයෝජනය කරන ලද කාල වකවානුවකය.
 
 මේ අනුව අපට එක පැත්තකින් කියන්නට ඇත්තේ ශ‍්‍රී ලංකාව වේගයෙන් ළමා අපයෝජන සිදුකරන, කාමාතුරයන්ගේ දේශයක් බවට පත්වෙමින් තිබෙන බව හා ළමා පරපුර වේගයෙන් අනාරක්ෂිත වන රටක් බවට පත්වෙමින් තිබෙන බවය. ඊටම තවත් එකතු කළහොත්, ළමාරක්ෂක අධිකාරිය, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය, වනිතා කටයුතු අමාත්‍යාංශය වැනි ළමයින් හා කාන්තාවන් පිළිබඳව සොයා බලා කටයුතු කළ හැකි මොනතරම් ආයතන තිබුණත්, දරුවන්ට, විශේෂයෙන් දැරියන් මුහුණ දෙන මේ බලහත්කාරකම් අවම කරන්නට කටයුතු සිදුවන්නේද යන ප‍්‍රශ්නය අද සමාජය හමුවේ ඇත. මේ සියලූ ව්‍යසන සිදුවන්නේ කොවිඞ් වසංගතය නිසා සංචරණ සීමා පවා පවතින අවධියක වීම කැපී පෙනෙන්නකි.
 
 කෙසේ හෝ දරු-දැරිවියන් ආරක්ෂා කරගැනීමේ වගකීම මේ කාට කාටත් වඩා තිබෙන්නේ දෙමව්පියන්ටය. එනමුත්, දුගී බව නිසා විටෙක දහසකුත් ඉෂාලිනී ලා අම්මාගෙන් තාත්තාගෙන් මිදී සල්ලිකරයන්ගේ වැඩකාරකම්වලට යන අතර, මේ බොහෝ දෙනාට සිදුව ඇත්තේ ඒ වැඩකාරකම්වලට අමතරව, කාමාතුර හාම්පුතාලගේ මන දොළ පුරවන්නටය. ඊට සිංහල දරුවන්ද, දමිළ දරුවන් ද යන්න වෙනසක් නැත. සාමාන්‍යයෙන් මුස්ලිම් දැරිවියන් අපේ රට තුළ නම් මෙහෙකාරකම්වලට යන්නේ නැත. එනමුත් මුතූර් සිට සෞදියේ වැඩකරකමට ගිය රිෂානා නම් බාලවයස්කාර දැරියට සිදුවූ වරදක් හේතුවෙන් ඇයට මරණ දණ්ඩනය හිමිවූ වේදනාබර අතීතයක් අපට ඇති බවද අප මතක තබාගත යුතුය. (වැඩකාරකම්වලට මැදපෙරදිග යන අම්මාවරුන්ටද මේ තත්ත්වයෙන් එහා දෙයක් ලැබෙන්නේ නැත.)
 
 එසේත් නැතිනම්, බාල වයස්කාර දැරිවියන් රවටා ගෙන ගොස් හෝ බලහත්කාරයෙන් තම මන දොළ සපුරාගන්නා පිසාචයෝ ඕනෑ තරම් සමාජයේ සිටිති. ඊට සමාජ මාධ්‍ය ජාල ඇතුළු අන්තර් ජාලයෙන් ද ලැබෙන්නේ මනා පිටිවහලකි. ඔන්ලයින් අධ්‍යාපනය මුවාවෙන් බහුතර දරු-දැරිවියන් අන්තර්ජාල අපයෝජනයට ලක්වන බව අපගේ අදහසයි. එනිසා එහි බහුතර වගකීම දෙමව්පියන් විසින් දරාගෙන දරුවන් පිළිබඳව දැඩි අවධානය යොමුකිරීම දෙමව්පියන්ගේ වගකීමක් බව අපි අවධාරණය කරමු. ගම්පහ නරුම අණ්ඩ සොකට් අයි ටී ගුරාට ද ගොදුරුවන්නට ඇත්තේ මෙවන් මල් කැකුළකි.
 
 දෙමව්පිය සෙනෙහස මැද හැදී වැඞී එක් නිමේෂයකින් කාලකණ්ණියකුගේ ගොදුරක් වන්නට අපි අපේ දරුවන්ට තවත් ඉඩ තබමුද…? දෙමව්පියනි දෙපාරක් හිතන්න. මේ වගකීම ඔබගේය.

advertistmentadvertistment
advertistmentadvertistment