දෙමව්පියෝ සහ ආරක්ෂක අංශ මත්ද්‍රව්‍ය සොයා උතුරේ පාසල් පීරති

109

උතුරු පළාතේ සියලුම පාසල් හා පෞද්ගලික උපකාරක පන්ති දෙමව්පියන්ගේ හා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සහාය මත දැඩි පරීක්ෂාවකට ලක්කරන බව උතුරු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පෙරේදා (06 දා) පැවසීය.

යාපනයේදී විවිධ මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයන් කීප දෙනකුම අත්අඩංගුවට පත්වීමත්, යාපනය හා කිළිනොච්චි පළාත්වල පාසල් තුළට සිසුන් විසින් මත්ද්‍රව්‍ය රැගෙන එන ලද බවට තොරතුරු හෙළිවීමත් සමගම නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම තීරණය ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ගැටලුව පොලිසියට පමණක් තනිවම විසඳිය නොහැකි නිසා ඊට උතුරු පළාතේ ස්වෙච්ඡා සංවිධානවල හා දෙමව්පියන්ගේ සහායද නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ඉල්ලා ඇත.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment