දෙමස්සිනාලාගේ ගුටි කෙළියෙන් අයෙකු මරා අනිකා එල්ලී නසී

266

ඇහැලියගොඩ පොලිස් වසමේ, පරකඩුව පත්බේරියේ නිවසක ඊයේ (04) උදෑසන ඇතිවූ ආරාවුලකදී එක් අයෙක් ඝාතනය වී එම ඝාතනයේ සැකකරුද එදිනම පෙරවරුවේ ගෙල වැලළා ගෙන මිය ගොස් තිබේ.

ආරාවුලට සම්බන්ධ වී ඇත්තේ මස්සිනා වරුන් දෙදෙනෙකි. ඝාතනය වූ අයගේ බිරිඳගේ සහෝදරයා ඝාතනයේ සැකකරු වේ.

ලලිත් නවනන්දන (අවු30) නැමති අය විසින් ඔහුගේ අක්කාගේ සැමියා වූ සුනිල් චන්ද්‍ර

තිලක(අවු45) නැමති බ්ලොක් ගල් කාර්මික යෙකු මෙසේ ඝාතනය කර ඇති බව පොලිසිය කියයි.

මියගිය දෙමස්සිනාවරුන් නිරන්තරයෙන් අරගල කර ගන්න බව හෙළිවිනැයි පොලිසිය පවසයි. ඇහැලියගොඩ පොලිසිය මේපිළිබඳව පරීක්ෂණ පවත්වයි. මහේස්ත‍්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කටයුතු යොදා තිබිණි.

ඇහැලියගොඩ උපාලි පේ‍්‍රමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment