දෙමහල් නිවසේ ගින්නෙන්  තුවාල ලැබූ 6 හැවිරිදි  දියණියත් මරුට

343

ඉකුත් 25 දා රාත්‍රි හෝමාගම මාගම්මන ප්‍රදේශයේ දෙමහල් නිවසක පහළ මාලයේ කාමරයක ඇතිවූ  ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සය හැවිරිදි දියණිය පෙරේදා (03දා) මියගොස් ඇති බව කහතුඩුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම මාගම්මන පදිංචිව සිටි රිතුෂි රණසිංහ නමැති සය හැවිරිදි දියණියක බව පොලිසිය කියයි.

සිද්ධිය වන අවස්ථාවේදී මියගිය සය හැවිරිදි දියණියගේ මව පියා වැඩිමහල් සොහොයුරිය කාමරය තුළ සිට ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.

ඒ අනුව මෙම  ගින්නෙන් සය හැවිරිදි දියණියගේ පියා එදිනම මියගිය අතර මව පසුදින මියගිය බවත් වැඩිමහල් සොහොයුරිය සිද්ධියෙන් දින තුනකට පසුව මියගොස් තිබුණි.

තුවාල ලැබූ සය හැවිරිදි දියණිය රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය (03දා) සිදු කෙරිණි.

පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment