දෙමළ පක්‍ෂ මෝදිගෙන්  කළ ඉල්ලීමට එරෙහිව උතුරේ විරෝධතා

464

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් කි‍්‍රයාත්මක කිරීමට ශී‍්‍ර ලංකා රජයට බලකරන ලෙස ද්‍රවිඩ දේශපාලන පක්‍ෂ 07 ක නායකයන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිඛිතව කළ ඉල්ලීමට එරෙහිව දෙමළ ජාතික ජනතා පෙරමුණ පෙරේදා (29 දා* විරෝධතාවක නිරත විය.

දෙමළ ජාතික පක්‍ෂ නායකයන් වන ආර්. සම්බන්ධන් මාවේයි සේනාධිරාජා, සී. වී. විග්නේෂ්වරන්, සෙල්වන් අඩෙක්කලනාදන්, එස්. කි‍්‍රෂාන්තා, සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් යන අය විසින් මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා මාර්ගයෙන් පසුගියදා ඉන්දීය අගමැතිවරයාගෙන් ලිඛිතව මෙම ඉල්ලීම කර තිබුණි.

මෙම ඉල්ලීමට එරෙහිව දකුණේ දේශපාලන පක්‍ෂ විරෝධය දැක්වූ අතර මේ වන විට එයට එරෙහිව උතුරේ දේශපාලන පක්‍ෂද එකතු වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් මුලතිව්හි පැවැති විරෝධතාව ඡුායාරූපයෙන් දැක්වේ.

චමින්ද සිල්වා, ප‍්‍රසන්න ප‍්‍රදීප් – මුලතිව්
 

advertistmentadvertistment
advertistmentadvertistment