දෙමළ ප්‍රශ්නය නොවිසඳුව නිසා ආර්ථික අර්බුදය ආවා!

164

වසර හැත්තෑ හතරක් තිස්සේ කිසිදු රජයක් දෙමළ ප්‍රශ්නයට විසඳුමක් ලබා නොදීමේ එක් ප්‍රතිඵලයක් වශයෙන් වත්මන් ආර්ථික අර්බුදයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්ධන් මන්ත්‍රීවරයා ඊයේ (24 දා) පැවසීය.

ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත් පත සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූ මන්ත්‍රීවරයා මේ තත්ත්වය ඇති වූයේ එක් වරම නොව පියවරෙන් පියවර බව ද සඳහන් කළේය.

මේ අවස්ථාවේදී පවා රජය ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ඒම සඳහා දේශපාලන පක්ෂ කීපයක පමණක් උදව් ලබා ගන්නා නමුත් දෙමළ ජාතික සන්ධානයේ හෝ වෙනත් දෙමළ දේශපාලන පක්ෂයක සහයක් ලබා නොගැනීම බලවත් අපරාධයක් මෙන්ම එය අනාගතයේදී යළි අනිටු ප්‍රතිඵල ළඟා කොට දෙන්නක් බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා රජය මේ අවස්ථාවේදී කළ යුත්තේ ආර්ථික සංවර්ධනයක් කරා යෑමට නිශ්චිත සැලසුමක් දියත් කොට ඊට දෙමළ දේශපාලන පක්ෂවල සහයෝගය ලබා ගැනීම බව කී සම්පන්ධන් මන්ත්‍රීවරයා රජයක් වශයෙන් මේ කුමන ගමනක් ගිය ද වසර ගණනාවක් ඔඩුදුවා ඇති මේ රටේ දෙමළ ප්‍රශ්නයට ද විසඳුම් සෙවිය යුතුව ඇතැයි ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ රට ගොඩනැගීමට දෙමළ, සිංහල, මුස්ලිම් සියලු දෙනාට ම එක්ව කටයුතු කළ හැකි බවත්, රටේ සියලු ජනතාවට ස්වෛරීභාවය ක්‍රියාත්මක කළ හැකි දේශපාලන ගිවිසුමක් තුළින් අප එකමුතු වී සිටින බව ලෝකයට පෙන්විය හැකි බවත්ය. සම්පන්ධන් කියයි

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment