දෙමාපියන්ගේ නොසැලකිල්ලෙන් පිහිනුම් තටාකයට වැටී දෙහැවිරිදි දරුවා මියයයි

90

කතරගම ඛේදවාචකය

කතරගම නගරයේ පවත්වාගෙන යන පුද්ගලික නිවාඩු නිකේතනයක පිහිනුම් තටාකයට වැටී ඉකුත් (09) වැනිදා හිමිකරුගේ දරුවා මියගොස් ඇතැයි කතරගම පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඔවින් වින්සඳ (02) නැමති පවුලේ දෙවෙනි දරුවා යි.

දරුවාගේ දෙමවුපියන් මෙම නිවාඩු නිකේතනය කුලී පදනම මත ලබාගෙන පවත්වාගෙන ගොස් ඇත.

ඉකුත් නව වැනිදා දරුවාගේ මව මුළුතැන්ගේ සිට ඇති අතර පියා පැමිණ සිටි අයෙකු සමග කතාබහ කරමින් සිට ඇත. ටික වේලාවකින් දරුවා නිවසෙහි නොමැති බව දැනගෙන සොයා බැලීමේ දී දරුවා පිහිනුම් තටාකයට වැටී ඇති බව දැක ඇත.

දරුවා කතරගම දිසා රෝහල රැගෙන ගොස් ඇතත් ඒවන විටත් මියගොස් සිට ඇති බව පරීක්ෂණවල දී අනාවරණයවී ඇත.

දරුවාගේ මරණය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය තිස්සමහාරාම හදිසි මරණ පරීක්ෂක කේ.ජී.සී නෙරංජන් මහතා විසින් පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (10) හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

කතරගම පොලිස් ස්ථානාධිපති ජේ.සී.ඒ බ්‍රැසිල් කුමාර මහතා පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment