දෙමාපියන් වත්තේ වැඩකරන අතරේ වතුර බාස්කට් එකට වැටුණු සිඟිති දරුවා මරුට

331

ගෝනගංආර පොලිස් වසමේ වගුරුවෙල දඹගස්කොටුව ප‍්‍රදේශයේදී පෙරේදා (30 දා) දහවල් ජලය සහිත බාස්කට් එකකට වැටුණු අවුරුද්දයි මාස තුනක් වයසැති දරුවෙකු මියගොස් ඇතැයි ගෝනගංආර පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ආර්. එච්. අකිල දම්සර නමැති දරුවෙකි.

මියගිය දරුවාගේ මව සහ පියා දරුවා නිවසේ නිදි කරවා අවුරුදු පහක් පමණ වයසැති දියණිය සමඟ ගෙවත්තේ වැඩකිරීමට ගොස් ඇත. වරින් වර ඔවුන් නිවසට පැමිණ දරුවා පිළිබඳව සොයා බලා ඇත.

දහවල් 1 ට පමණ පැමිණ බලන විටදී දරුවා නිදි පැදුරේ සිට නැත. පසුව අවට සෝදිසි කිරීමේදී නිවස ආසන්නයේ තිබූ වතුර බාස්කට් එකක තිබී දරුවාගේ මෘතදේහය හමුවී ඇත.

දරුවාගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (31 දා) මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

ගෝනගංආර පොලිස් ස්ථානාධිපති ඒ. එල්. ඞී. සතිෂ් කුමාර මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment