දෙමාපිය ආරවුල බේරන්න ගිය පුතා දැලි පිහියෙන් කැපූ පියා රිමාන්ඩ්

291

පස්සර, ගෝනකැලේවත්ත පේළි නිවාස අංක 1 පදිංචි පියෙකු තම 17 හැවිරිදි පුතුව දැලි පිහියකින් කැපීම නිසා බරපතළ තුවාල සහිතව පස්සර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල මහ රෝහලටත්, ඉන්පසු මහනුවර රෝහලටත් ප්‍රතිකාර පිණිස යවා ඇතැයි පස්සර පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො. පරීක්ෂක ඊ. එම්. පියරත්න මහතා පැවැසීය.

පසුගිය 9 දා රාත්‍රී මව සහ පියා අතර ඇතිවූ ආරවුලක් සමතයට පත්කිරීමට යෑමේදී මෙම තරුණයාගේ හිස, දෙඅත් ආදිය කපා ඇති බවත්, අධික ලෙස කැපුම් තුවාලවලින් රුධිරය වහනය වන හෙයින් මහනුවර රෝහලට තුවාලකරු යවා ඇති බවත් හෙතෙම තවදුරටත් පැවැසීය. සැකකාර 49 හැවිරිදි කන්දයියා රාසලිංගම් නමැති පියා අත්අඩංගුවට ගෙන බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පසු ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට නියෝග කර තිබේ. සිද්ධිය ගැන පස්සර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පස්සර පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො. පරීක්ෂක ඊ. එම්. පියරත්න මහතා පැවැසීය.

බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment