දෙමාපිය උද්ඝෝෂණයට කඩාවැදුණු දේශපාලකයන්ට සහ නිහඬව සිටි පොලිසියට විරුද්ධව දැඩි ක‍්‍රියාමාර්ගවලට එළැඹෙනවා

139

මාවනැල්ල හා වරකාපොළ පැවති දෙමව්පිය උද්ඝෝෂණයට කඩාවැදී බැණ තර්ජනය කළ ප‍්‍රාදේශීය දේශපාලකයන්ට සහ ඵම තර්ජන දෙස නිහඬව බලා සිටි පොලිස් නිලධාරීන්ට විරුද්ධව විනය ක‍්‍රියාමාර්ග දින දෙකක් තුළ නොගතහොත් සමස්ත ලංකා ගුරු විදුහල්පති සංගමය දැඩි ක‍්‍රියාමාර්ගවලට එළැඹෙන බව සබරගමු පළාත් ගුරු විදුහල්පති සංගමයේ ප‍්‍රධාන ලේකම් සමන්ත රණසිංහ මහතා මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වා ඊයේ (04 දා) පැවසීය.

ඵහිදී තවදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා, ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලූ සම්බන්ධව පැන නැඟී ඇති තත්ත්වයට දැනට දින සියයත් පැනලා තිබෙනවා. ඒ සඳහා දිවයිනේම දෙමව්පියන් මෙම සටනට ආධාර වශයෙන් උද්ඝෝෂණයක් පැවැත්තුවා. මෙම ප‍්‍රශ්නය විසඳීමට ආණ්ඩුවට බල කරමින්, ඒ ධෛර්යවන්ත දෙමව්පියන්ට අපේ ගෞරවය පුද කරනවා.

පෙරේදා (03 වැනිදා) පැවැති දෙමව්පිය උද්ඝෝෂණවලට ආණ්ඩුව සැලසුම් සහිතව මැදිහත් වෙලා මෙම උද්ඝෝෂණ කඩාකප්පල් කරන්න දෙමව්පියන්ට, ගුරුවරුන්ට තිබෙන අයිතිවාසිකම් විනාශ කරන්න මැදිහත් වුණා.

වරකාපොළ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පොලිස් නිලධාරින් සමග ගොස් දෙමව්පියන් පළවා හැරියා. වරකාපොළ පොලිස් නිලධාරීන් ඉදිරිපිටදී දෙමව්පියන්ට තර්ජනය කරලා තිබෙනවා.

ඒ වගේම මාවනැල්ල අධ්‍යාපන කලාපයේ මෙඬේරිගම මහා විද්‍යාලයට, මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා විදුහලේ ගේට්ටුව ඇරගෙන කඩා පැනලා පාසැල් කටයුතුවලට බාධාවන ලෙස හැසිරුණ විදිය අපි දැක්කා. මොහු ඵතැනට ගිහිල්ලා පරුෂ වචනයෙන් බැණ තර්ජනය කළා. ගුරු මණ්ඩලයට ඉතාමත් බාධාකාරී ලෙස හැසිරුණා. පාසැල් දරුවන් බියට පත්වුණා.

අටුගොඩ ප‍්‍රදේශයේ ගුරුවරියකගේ නිවසට ගිය පොලිසිය පාසලට යන්නේ නැත්තේ ඇයි අහනවා. මෙඬේරිගම පාසලේ සිදුවූ සිද්ධියට වහා පරීක්ෂණයක් කරන්න. මේ සම්බන්ධව මාවනැල්ල පොලිසියේ පැමිණිලි දමා තිබෙනවා. පොලිසිය ඉදිරිපිටයි මෙම තර්ජනය කර තිබෙන්නේ. මෙයට වඩා දේවල් මෙඬේරිගම සිදුවෙලා තිබෙනවා. මේ තරම් දේ සිදු වෙද්දී නිහඬව සිටි පොලිසිය වහා පරීක්ෂණ පවත්වා දින දෙකක් තුළ මේ සඳහා ක‍්‍රියාමාර්ග නොගතහොත් අප සංගම් දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බවද පැවසීය. මෙහිදී පහරදීමට ලක්වූ ගුරුවරයාද, දෙමව්පියන්ද මෙහිදී අදහස් ප‍්‍රකාශ කළ අතර කෑගල්ල ගුරු හා විදුහල්පති සංගම් දිස්ත‍්‍රික් ලේකම් බන්ධුල ධර්මතිලක මහතාද සහභාගි වී සිටියහ.

කෑගල්ල – ඵම්. බී. පහළවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment